රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාට එරෙහිව මන්නාරම මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට නීතීඥවරුන් කණ්ඩායමක් පියවර ගෙන ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය හරහා රත්වත්ත මහතා අධිකරණයට අපහාස කළ බව සදහන් කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.
මීට පෙර ඉකුත් 6 වැනිදා මෙවැනිම ආකාරයේ නඩුවක් වවුනියාව අධිකරණය හමුවේ පැවරීමටද නීතීඥවරු පිරිසක් කටයුතු කර තිබිණ.










