ගල්ඔය දකුණ ඒකාබද්ධ ගොවි සංවිධානය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අම්පාර එක්ගල්ඔයදී සිදු කළ උද්ඝෝෂණයකදී පොරොන්දු වූ ආකාරයට ගොවි ජනතාවට පොහොර ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී ගොවීන් ‘රැවැට්ටුවා රැවැට්ටුවා ගොවි ජනයා රැවැට්ටුවා…! නිකම් පොහොර දෙනව කියලා අපෙ ගොවියව රැවැට්ටුවා…!’ යැයි කියමින් සටන් පාඨ කියනු දැකගන්නට ලැබිණ.










