• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දා අපිට දුන්නු – ජපනා බෝම්බ දාපු – අපි ආපහු ඉන්දියාවට දුන්නු ත්‍රිමලේ තෙල් ටැංකිවල ජාතකය මෙන්න!

October 13, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
සුද්දා අපිට දුන්නු – ජපනා බෝම්බ දාපු – අපි ආපහු ඉන්දියාවට දුන්නු ත්‍රිමලේ තෙල් ටැංකිවල ජාතකය මෙන්න!
Share on WhatsAppShare on Facebook

මෙය සැබැවින්ම අතිශය පුදුමාකාර දසුනක්. එය අපේ රටට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයටම පුදුමාකාර දසුනක් වෙනවා නියතයි. පොළෝ තලයේ සිට තමන්ට පෙනෙනතෙක් මානයක් දක්වා දෙනෙත් හැර බැලුවත් මේ දසුන මුළුමනින්ම දැකගන්නට අමාරුයි. එසේම අප පොළෝ තලයේ සිට අහස දෙස බැලුවොත් අහස් කුසෙහි ඇති දේ බොහෝ දුරක් දක්වා අපිට පෙනේවි. එහෙත් මේ දසුන ඇත්තේ අහස් කුසෙහිද නොවේ. එසේ නම් මෙම විශ්මිත දසුන දැකගත හැක්කේ කොතැනක සිටද? එය දකින්නට නම් ඔබට අහස් කුස වෙතටම යා යුතුය. වෙනත් කිසිදු අයුරකින් මේ අපූරු දසුන දැකගන්නට නොහැකිය. මෙයට වසර 25කට පමණ ඉහතදී මා ‘දිවයින’ පුවත්පතෙහි සේවය කරමින් සිටියදී මෙම අපූරු දසුන ගුවනෙහි සිටිමින් දුටුවෙමි.

එකල ත්‍රිකුණාමලයේ, චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවැති ගුවන් භට විසිර යෑමේ උත්සවයක් වාර්තා කිරීම සඳහා කොළඹින් මාධ්‍යවේදීන් පිරිසක් එහි රැගෙන ගියේය. ගුවන් හමුදාවේ ගුවන් යානයක් මගින් ගිය එම ගමනේදී ත්‍රිකුණාමලයට ආසන්න වත්ම මෙම විස්මිත දසුන අහසේ සිට දැකගන්නට අපට හැකි විය. එක එල්ලේ අහස් කුසට ඡායාරූප ගන්නා ‘ඩ්‍රෝන’ යානාවක් යවා හෝ පොළොවෙහි ඇති මෙම දසුන ඡායාරූප ගතකිරීමටද නොහැක්කේ, ඡායාරූප ‘ඩ්‍රෝන’ යානා පියාසර කළ හැක්කේ අඩි 350-400ක් පමණ උසකට පමණක් වන හෙයිනි.

තවත් අයුරකින් රාජාලියකුගේ දෙනෙතින්ද දැකිය හැකි බඳු මෙම විස්මයජනක දසුන කුමක්ද? එය නම් ත්‍රිකුණාමලයේ තිබෙන අරුම, පුදුම තෙල් ටැංකි තෝතැන්නයි. මෙය මහා සුවිශාල බිම්කඩක් හරහා, එනම් අක්කර සිය ගණනාවක භූමියක් හරහා පිහිටා තිබෙන අපූරු නිර්මාණයකි. ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම විස්මිත නිමැයුම සිදුකළේ මිනිසා විසින්මය. එනම් එය ඓතිහාසික කතාවකි. අති විශාල තෙල් ටැංකි 102ක ප්‍රමාණයක් මෙම සුවිශාල භූමියෙහි තැනින් තැන නිසි දුරස්ථභාවය ඇතිව ගොඩනඟා තිබෙයි. මෙම දසුන අහස් කුසට පෙනෙන්නේ එම තෙල් ටැංකි අතරෙහි තැනින්, තැන විශාල ගස්වලින් වැසුණු කැලෑබද ප්‍රදේශයක් ලෙසටය. එයින් අදහස් වන්නේ මෙම තෙල් ටැංකි ඇති විශාල ප්‍රදේශය දැනට දීර්ඝ කාලයක සිට භාවිතයට නොගන්නා හැඟීමක්ය.

කෙසේ හෝ මෙම තෙල් ටැංකි කතාන්දරය ඔබට ලියා තබන්නට හේතු වූයේ ඇයි?

එනම් මෙයට දින කිහිපයකට පෙරදී මෙම වගතුග අප රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් කතාවන්නට ගත්තේය. එනම් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකට යාකර ගනිමින් මෙම වගතුග හෙළිවන්නට විය. මෙයට දින කිහිපයකට පෙරදී ඉන්දියානු විදේශ ලේකම් හර්ෂ්. වී. ශ්‍රිංග්ලා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. සමහර පාර්ශ්ව මෙම සංචාරය අර්ථකථනය කරනු ලැබුවේ විවිධාකාර අයුරින්ය. එනම් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙම සංචාරය ඉතාම හදිස්සියෙන් සිදු කළ එකක් බවත්, එම ගමනේදී ඔහු වඩාත් අවධානය යොමු කරනු ලබන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳව සිදුකෙරෙනු ලබන ගනුදෙනුවක් උදෙසා බවත් කරුණු ප්‍රකාශ විය.

එනම් එම සමහර පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ, මෙම තෙල් ටැංකි සමූහයම සහ එයට අදාළ සම්පූර්ණ පරිපාලනයම ඉන්දියාවට පැවරීමට යන කතන්දරයකි. මෙතරම් වටිනා වූ දේශීය සම්පතක් මෙසේ ඉන්දියාව වෙතම හිමිකර දීම ගැන විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුවිය. එසේ නම් ඉන්දීය විදේශ ලේකම්වරයා සමග පසුගියදා ශ්‍රී ලාංකික බලධාරීන් එවැනි ගනුදෙනුවක් හෝ ගිවිසුමක් හෝ සිදුකළේද? මෙලෙස පසුගියදා දින 4ක නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ්. වී. ශ්‍රිංග්ලා ශ්‍රී ලංකාවට පැමිණියේ ප්‍රථම වතාවටය. ‘අසල්වැසියා පළමුව’ යන ප්‍රතිපත්තියට සහ දර්ශනයට අනුව මෙම සංචාරය සංවිධානය කරන ලද බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන්දියාවේ ඉරණම එහි අසල්වැසි රාජ්‍යයන්ගෙන් වෙන්කර නොහැකි යැයි විදේශ ලේකම්වරයා පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයක් සිදුකර තිබිණි. පසුගිය කාලයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන විවිධ ආධාර සහ සහයෝගිතාවයන් කිහිපයක් ගැන මෙම ගමනේදී සාකච්ඡා කිරීමට ඔහු කටයුතු කර ඇතැයි පැවසෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන තිබෙන ගනුදෙනුවද එයට අදාළ වී ඇත.

කෙසේ හෝ ඔහුගේ මෙම නිල සංචාරයේදී වැදගත්ම කොටස වූයේ ත්‍රිකුණාමලයට ගොස් තෙල් ටැංකි නිරීක්‍ෂණය කිරීමය. ඒ අනුව ඔහු දැනට ඉන්දීය තෙල් සමාගමට බදු දී තිබෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පර්ෂදය නිරීක්‍ෂණය කළේය. පසුගිය කාලයක් පුරාම ශ්‍රී ලංකාවේ තිබෙන ඛනිජතෙල් වෘත්තීය සමිති මගින් විවිධ උද්ඝෝෂණයන් සහ වර්ජනයන් සිදුකරමින් ප්‍රකාශ කර සිටියේ, මෙයට වසර ගණනාවකට පෙරදී ඉන්දියාවට බදු දුන් මෙම තෙල් ටැංකි පර්ෂදය නැවැත ශ්‍රී ලංකාවට ලබා ගන්නා ලෙසය. එහෙත් එය එසේ කළ හැකිද? සත්‍ය ලෙසම මෙය දැනට ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් ලෙසට පත්වී ඇත. වෘත්තීය සමිති එසේ කොපමණ ළතෝනි තැබුවද, තෙල් ටැංකි සංකීර්ණය සිතන තරම් ලෙහෙසියෙන් ඉන්දියාවෙන් නැවැත අපහට ලබාගත හැකිද? අප මෙම අර්බුදය ගැන කරුණු සොයා බලමු.

තෙල් ටැංකි 102කින් සමන්විත වන මෙම ත්‍රිකුණාමලයේ චීන වරාය ප්‍රදේශයේ පිහිටා තිබෙන තෙල් ටංකි සංකීර්ණයට ඇත්තේ, ඉතාමත් දීර්ඝ වූ එමෙන්ම වැදගත් වූ ඉතිහාසයකි. එනම් එය දිව යන්නේ වසර 90කට වඩා වැඩි වූ දීර්ඝ ඉතිහාසයකටය. දෙවැනි ලෝක මහා යුද්ධ සමය දක්වා කාලයකට එම ඉතිහාසය උරුමකම් කියයි. එනම් එකල පුරාතන ලංකාව පාලනය කළ බි්‍රතාන්‍ය ජාතික සුදු පාලකයන් මෙම සුවිශාල වූ තෙල් ටැංකි සංකීර්ණය ගොඩනැඟීම ආරම්භ කරනු ලබන්නේ 1924 වසරේදීය. එතැන් සිට ඇරැඹෙන මෙම මහා ගොඩනැඟීම වසර 07ක් පුරා සිදුකෙරෙන අතර, එය නිම කරනු ලබන්නේ 1930 වසරේදීය. මෙහිදී බි්‍රතාන්‍ය පාලකයන් තෙල් ටැංකි 102ක් තනනු ලැබූ අතර, පසු කාලයකදී මෙය තෙල් ටැංකි 99 දක්වා අඩු වූයේ, ටැංකි දෙකකට දෙවැනි ලෝක මහා යුද්ධයේදී ගුවන් යානා කඩාවැටී හානි සිදුවූ හෙයිනි. මෙම ටැංකි සංකීර්ණය කොටස් දෙකක් ලෙසට ඉදිවී ඇත. එනම් ටැංකි 14ක් ත්‍රිකුණාමලය – මඩකළපුව මාර්ගයේත්, අනෙත් ටැංකි 85ක් චීන වරායට කිලෝමීටර් 6.5ක පමණ දුරින්ද පිහිටා තිබෙනවා.

කෙසේ හෝ මෙලෙස වසර 90කට පෙර බි්‍රතාන්‍ය පාලකයන් විසින් සිදුකළ මෙම මහා ගොඩනැඟීම, එකල ආසියාවේම සිදුවූ එකම සුවිශාලම තෙල් ටැංකි නිර්මාණය ලෙස සැලකෙයි. සමහරවිට මෙය තවද දකුණු ආසියාවේ තිබෙන විශාලතම තෙල් ටැංකි සංකීර්ණය විය හැකිය. මෙයි පිහිටා තිබෙන්නේ අක්කර 850ක් වැනි සුවිශාල භූමියකය. කෙසේ හෝ මෙතරම් තෙල් ටැංකි 102ක ප්‍රමාණයක් තිබුණත්, දැනට මෙහි භාවිත වන්නේ තෙල් ටැංකි 15ක ප්‍රමාණයක් පමණි. එනම් ගුවන් යානා ප්‍රහාර මගින් ටැංකි 2ක් විනාශ වී ගිය පසු ඉතිරි ටැංකි 99 අතරින් භාවිත වන්නේ ටැංකි 15ක් පමණක් බැව්ය. ප්‍රහාර මගින් විනාශ වී ගිය පසු ටැංකි 100ක් ඉතිරිව තිබෙන්නට හැකි වුණත්, එකල සිටම එහි ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් බැව් පැවසෙයි. එය බි්‍රතාන්‍ය සමයේ සිටම සිදු කෙරුණු ගණනයක් බැව් පැවැසුණත්, ඒ ගැන එතරම් හේතු පැහැදිලි කිරීමක් සිදුවී නැත. කෙසේ හෝ දැනට පොළොවේ හෝ අහස් කුසෙහි සිට හෝ එම ගණනය කිරීම සිදුකළහොත් නිසි ටැංකි ප්‍රමාණය වන්නේ 99ක් පමණි. දෙවැනි ලෝක මහා යුද්ධයේදී ගුවන් ප්‍රහාර මගින් විනාශ කෙරුණු ටැංකි දෙක දැනට මහ කැලෑව මැද වල්වැදී තිබෙන අතර, අනෙක් භාවිතයට නොගන්නා ටැංකි ඇති ප්‍රදේශද මධ්‍ය ප්‍රමාණයේ ගස් වර්ග රාශියකින් වල්වැදී තිබීම අතිශය ශෝකජනක දසුනකි. අහසේ සිට මෙම දසුන පැහැදිලිව දුටුවිට හදවත් මහා සංවේගයකට පත්වෙයි.

මෙම මහා තෙල් ටැංකි සංකීර්ණය 1930 වසරේදී බි්‍රතාන්‍ය පාලකයන් විසින් ගොඩනඟා අවසාන කරනු ලබන්නේ, දෙවැනි ලෝක මහා යුද්ධයට වසර 09කට පෙරදීය. එනම් දෙවැනි ලෝක මහා යුද්ධය 1939 වසරේදී ආරම්භ වී 1945 වසරේදී නිමාවකට පත්විය. ඒ අනුව මෙම සංකීර්ණයට මුලින්ම ගුවන් ප්‍රහාර එල්ල වන්නේ 1942 වසරේදී ජපන් ගුවන් හමුදාව විසිනි. මෙම සමය දෙවැනි ලෝක මහා යුද්ධයේ උත්සන්නම සමය වූ අතර, ජපන් ගුවන් හමුදාව මුලින්ම ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කළේ මෙම තෙල් ටැංකි සංකීර්ණයට ප්‍රහාර එල්ල කිරීම මගිනි. ඉන්පසුව ඔවුන් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එකල ප්‍රහාර එල්ල කළේය. කෙසේ හෝ ජපනුන් මෙම චීන වරාය තෙල් ටැංකිවලට ප්‍රහාර එල්ල කරන විටදී එකල ලංකාව පාලනය කළ බි්‍රතාන්‍ය පාලකයන් තම හමුදාව ලවා ජපනුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඒ අනුව ජපන් ප්‍රහාරක යානාවටද බර ගුවන් ප්‍රහාරක අවිවලින් වෙඩි තැබුවේය. මෙම ගුවන් යානය පදවාගෙන ආවේ ජපාන ගුවන් හමුදාවේ සිටි ඉතා දක්‍ෂ ප්‍රහාරක නියමුවකු වන ෂිංගෙනොරි වටනාබේ විසිනි.

මෙහිදී සිදුවී ඇත්තේ අපූරු සිදුවීමක් යැයි අතීත යුද ඉතිහාසය කරුණු ප්‍රකාශ කර සිටියි. එනම් ගුවන් නියමු වටනාබේ මෙම ප්‍රහාරයත් සමග තමන් පැදවූ ප්‍රහාරක යානය සිතාමතාම විශාල තෙල් ටැංකියක හප්පවා ගනිමින් විනාශ කර ගත්තේය. වටනාබේ සමග තවත් සහාය සොල්දාදුවන් දෙදෙනෙකුද යානයේ සිට ඇති අතර, ඔහු මෙසේ සිදුකර ඇත්තේ තමන් සහ සහායකයන් ප්‍රතිහමුදාවලට අල්ලා ගැනීමෙන් වැළැක්වීම සඳහාය. පළමු බි්‍රතාන්‍ය ප්‍රහාරයත් සමග ඔහුගේ යානය යම් ස්ථානයකට ගොඩබැස්සවීමට ඔහුට හැකියාව තිබුණත්, වටනාබේ සිදුකළේ තෙල් ටැංකියක් විනාශ කරමින්ම තම යානයද, ජීවිතයද විනාශ කර ගැනීමය. එම ප්‍රහාරයෙන් තෙල් ටැංකියේ ඇති වූ මහා ගින්න සතියක් පුරාම පැවැති බැව් අතීත කතා කියා සිටියි. කෙසේ හෝ එම ටැංකි එකින්, එක දුරින් පිහිටා ඇති හෙයින් මෙම ගින්නෙන් අනෙක් ටැංකිවලට කිසිදු හානියක් සිදුවී නොමැත. තවද මෙම ටැංකි නිපදවා ඇත්තේ අඟල් 01ක ඝනකමකින් යුත් යකඩ ලෝහයෙන් හෙයින් ඒවා අතිශය ශක්තිමත්ය. මෙම කතාව සත්‍යයක් ලෙස පෙනී යන්නේ, තවද එම තෙල් ටැංකි බොහෝ ප්‍රමිතියකින් යුතුව තිබෙන අයුරු දුටුවිටය.

මෙම එක තෙල් ටැංකියක ටොන් 12,000ක ප්‍රමාණයක තෙල් ගබඩා කළ හැකිය. එනම් ටැංකි සියල්ලෙහිම ටොන් මිලියන 1.2ක (ටොන් ලක්‍ෂ 12ක) තෙල් ගබඩා කළ හැකිය. බි්‍රතාන්‍ය පාලන සමයේ සිටම මෙම තෙල් ටැංකිවල තෙල් ගබඩා කර භාවිතයට ගැනුණත්, 1948 දී රට නිදහස ලැබීමෙන් පසුව එම කටයුතු ටිකෙන්, ටික පහත වැටෙන්නට ගත්තේය. අවසානයේදී කාලය ගතවත්ම ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් මෙම පරිශ්‍රයෙහි භාවිත කරන්නට ගත්තේ ටැංකි 15ක් පමණි.

කෙසේ හෝ එම ටැංකි 15ද 2002 වසරේදී ඉන්දීය තෙල් සමාගමට පවරාදෙන ලදී. දැන් ඉන්දීය තෙල් සමාගමේ කිසිදු නිසි අවසරයකින් තොරව එම පරිශ්‍රය අසලකටවත් යා නොහැක. එනම් දැනට වසර 20කට ආසන්න කාලයක් ඉන්දීය සමාගම සතුව පවතියි. මෙම බදු දීමේ ගිවිසුම අදාාල වන්නේ වසර 35කට බැව් පැවසෙයි. එනම් තවත් වසර 15ක් එම ගිවිසුම වලංගුය. තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් 2037 දක්වා මෙම තෙල් ටැංකි 15 ඉන්දීය තෙල් සමාගම සතුව පවතියි. දමිළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට අස්සන් තැබීමෙන් අනතුරුව, 2003දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂ පාලනය විසින් ඉන්දීය අයි.ඕ.සී. සමාගමට මෙය පවරා දෙනු ලැබුවේය.

මෙහිදී හෙළිවන තවත් අපූරු අතීත කතාවක්ද ඇත. එනම් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි විසින් 1987 දී අස්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටීමයි. කෙසේ හෝ මෙවැනි වටාපිටාවක් යටතේ දැනට ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් පැවරී ඇත්තේ ඉන්දීය අයි.ඕ.සී. සමාගමටය. එවැනි වටාපිටාවක් තිබියදී අවස්ථා කිහිපයකදීම ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ, දැනට භාවිත නොකරන තෙල් ටැංකිවලින් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය යටතට ගෙන නිසි අයුරින් සංවර්ධනය කර භාවිත කරන ලෙසය.

එහිදී ඔවුන් දැඩි ලෙස අවධාරණය කරන්නේ, එම ටැංකි පාලනය සම්පූර්ණයෙන්ම ලංකා රජය විසින්ම සිදුකළ යුතු බැව්ය.

කෙසේ හෝ පසුගියදා ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි විටදි මහත් කලබලයක් ඇති වූයේ, ඉතිරි තෙල් ටැංකි සියල්ලමද ඉන්දියාවට ලබාදීමට යන පුවතක් හේතු කරගෙනය. එහෙත් ආණ්ඩුව කියන්නේ එවැන්නක් සිදුනොවන බැව්ය. එහෙත් ආණ්ඩුව ඩොලර් හිඟාකමින් සිටින මොහොතක මේ කතා සත්‍යයක් වේද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගොවීන් 600ක් මිනීපෙට්ටි අරන් ඇලහැර පාරට බහියි!

Next Post

ජනතාවට පොඩි අමාරුවක් තියෙනවා කියලා අපි පිළිගන්නවා! (VIDEO)

MORE NEWS

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

Load More
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මවට තග දමා දුවව උස්සපු කල්ලිය - මෙන්න සාක්ෂිත් එක්කම Sri Lanka Latest News

Read more
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.