• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවවත් ගණන් නොගන්න කව්ද මේ මුතුරාජවෙල මහා බලවතා! (VIDEO)

October 11, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
මුතුරාජවෙල හෙක්ටයාර් 4400ක් අතුරුදන්
Share on WhatsAppShare on Facebook

 මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිතව සිදු වන සංවර්ධන කටයුතු නිරන්තරයෙන් මතභේදයට තුඩුදෙන්නේ, එම ව්‍යාපෘති මගින් සිදු වන පාරිසරික බලපෑම් හේතුවෙනි.

එමෙන්ම අභය භූමියේ සීමා සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය හමුවේ, මුතුරාජවෙල පාරිසරික කලාපය තුළ සංවර්ධන ව්‍යාපෘති දියත්කිරීමට ඇති හැකියාව පිළිබඳව ද බොහෝ පාර්ශව ප්‍රශ්න මතු කරයි.

බටහිර වෙරළ තීරයටත්, මීගමු කළපුවටත්, කැලණි ගඟටත් මායිම්ව පිහිටා ඇති ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික කලාපයක් වන මුතුරාජවෙල තෙත් බිම හෙක්ටයාර 1285 ක වපසරියකින් යුක්තයි.

මුතුරාජවෙල ආසියානු තෙත් බිම් නාමාවලියේ සඳහන් ස්ථාන 40 අතරින් එකකි.

එවැනි වටිනාකමක් ඇති මේ අභය භූමිය හරහා ඇති ඇළ මාර්ගයකට මායිම් වූ, සංවර්ධන ව්‍යාපෘතියක් මේ වනවිට සිදුවෙමින් තිබේ.

අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් ඇති අතර කුඩා වැවක්, ඇළ මාර්ග, ප්‍රවේශ මාර්ග, පාලම් ඇතුළු ඉදිකිරීම් කිහිපයක් ඒ තුළ දැනටත් සිදුකර තිබේ.

මුතුරාජවෙල දෑලතුර ජනතාව ව්‍යාපෘතියෙන් මතුව ඇති ගැටලු මෙලෙස පැහැදිලි කළේ ය.

”මේගොල්ලෝ දෙපැත්තේ ඉවුරු කපලා. දෙපැත්තෙන් ඇළක් කපන් යනවා. මාළු බෝ වෙන්නේ නැහැ. ඉවුරු නැහැ.මේකේ හිටියා ඉස්සර කුරුල්ලෝ. ගිනි කුකුල්ලු. කොරවක්කෝ. දැන් ඒ සත්තු එකෙක්වත් පේන්න නැහැ”

”දැවැන්ත ඇළ මාර්ග දෙකක් දෙපැත්තතෙන් ඉදි කරමින් යනවා. අපි අහන්නේ මෙහෙම මුතුරාජවෙලට කරන්න පුළුවන් ද?”

”මෙච්චර මෙහෙම අවසරයක් දුන්නේ කවු ද කියලයි අපිට දැනගන්න ඕනේ. සොබාවික පරිසරය වනසලා එයා දැන් ගස් කොලන් හිටවනවා. මොකද්ද මේකේ තේරුම.මුතුරාජවෙල කියන්නේ ස්වභාවික පරිසරයක්. මේක කවුරුවත් හදන්න ඕනේ නැහැ”

”මේ හැමතැනම වට වෙලා. ගොඩ බිම් හදාගනෙ. එක පාරක් මගේ මෙතනට වතුර ආවා කරගන්න දෙයක් නැහැ”

මේ ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ, කේ.එස්.ටී. මාස්ටර් ග්‍රේන්ස් නමැති සමාගමක් විසිනි.

මෙම භූමිය තුළ කඩොලාන ඇතුළු ශාඛ රෝපනය කර පරිසර හිතකාමී හෝටල් ව්‍යාපෘතියක් සැලසුම්කර ඇතැයි එම සමාගම පවසයි.

කේ. එස්. ටී. මාස්ටර් ග්‍රේන්ස්හි කළමානාකාර අධ්‍යක්ෂ කේ. එස්.ටී.පෙරේරා මහතා පවසන්නේ, මෙය තමන්ගේ පෞද්ගලික ඉඩමක් බවයි.

”මේක මගේ පුදගලික ඉඩමක්, මේ ඉඩමට එස්. එල්. ආර්. ඩී. සී. එකේ ඉදලා, සියලුම ආයතනවලින් අනුමැතිය අරගෙන මේ මට්ටමට සංවර්ධනය කරලා දැනට වසර දෙකහාමාරක් පමණ වෙනවා. රජයෙන් දැන් මේ ඇල මාර්ග සුද්ද කරගෙන යද්දී ඊට සමගාමීව ඒ ඇළ ඉවුරුවල කඩොලාන, කිරල, දං ඒ වගේ ගස් හිටුවලා මේ පරිසරය යථා තත්ත්වයට ගේන්න කටයුතු කරලා තියෙන්නේ, ඉදිරියේදී අපි විසින් සැලසුම් කරලා තියෙන්නේ පරිසර හිතකාමී හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඒ ඉඩම යොදා ගන්න. අභය භූමිය තියෙන්නේ ඔය බෝඩ් වලින් එහා පැත්තේ ප්‍රදේශීය ලේකම් තුමිය ලිඛිතවම අපිට දීලා තියෙනවා. ඉඩම් ගන්ද්දිම අපි මේවා පරීක්ෂා කරලා. මේවට නීත්‍යානුකූල ඔප්පු තියනවා. ඒ සඳහා වනජීවී දෙපාර්තුමේන්තුවෙනුත් අපිට අනුමැතිය දීලා තියෙනවා”

මාධ්‍යවේදී ප්‍රශ්නය -: මෙතන වැවක් හැදෙනවා. යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා කැනීම් කටයුතු සිදු වනවා. එක පැත්තකින් පස් ගොඩක් පේනවා. මේවට අවසර ලැබිලා තියෙනවාද ? ඒ මොන ආයතනවලින්ද ?

පිළිතුර (කේ.එස්.ටී. පෙරේරා) -: එස්. එල්. ආර්. ඩී. එකෙන් මේ වැව හදන්න අනුමැතිය දීලා තියෙනවා. ඒ පස් ගොඩ ගහලා තියෙන්නේ ඒ පස් ගොඩෙන් එහා තියන ප්‍රදේශය තවම සංවර්ධනය කරලා නැහැ.අනාගතයේ පස් මිල ඉහළ යනවා. ඒ අනුව අවශ්‍ය සංවර්ධන කටයුතුවලට යොදා ගන්න තමයි එතන ගොඩ ගහලා තියෙන්නේ. මේ අවුරුදු තුන හතරට කිසිම පාරිසරික ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. හේතුව මේ ඉඩම වටා යන ඇළ මාර්ග අපි විසින්ම අඩි 20 ට පළල් කරලා හාරලා සුද්ද කරලා දීලා තියෙනවා. ඊට අමතරව අපි විසින්ම වෙනත් ඇළක් අඩි 20 ක කපලා කලපුවට යන්න සකස් කරලා දීලා තියෙනවා.

මාධ්‍යවේදී ප්‍රශ්නය -: මහා පරිමාණ ව්‍යාපෘති කරද්දී පරිසර ශක්‍යතා අධ්‍යන වාර්තා, පරිසරයට හානි සිදු වීම, ඒ පිළිබඳ තක්සේරු කරලා වාර්තාවක් පිළියෙළ කරනවා. එහෙම දෙයක් සිදු වෙලා තියෙනවාද ?

පිළිතුර (කේ.එස්.ටී. පෙරේරා) -: දැනට අපි එහෙම පිළියල කිරීමක් සිදු කරලා නැත්තේ අපි දැන් තමයි ඒ කාර්ය සිදු කරන්නේ, හේතුව අපි තවම මේකේ සංවර්ධනයක්, බිල්ඩින් හදන්න ඒ වගේ කිසිම දේකට කටයුතු කරලා නැහැ. මේ තිබිච්ච පාරවල් තමයි ඒ අයුරින්ම සංවර්ධනය කළේ.

මාධ්‍යවේදී ප්‍රශ්නය -: හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් මේකට අවසර ලැබිලා තියෙනවාද ?

පිළිතුර (කේ.එස්.ටී. පෙරේරා) -: තාම නැහැ. තාම අපි ඉල්ලලා නැහැනේ.

මාධ්‍යවේදී ප්‍රශ්නය -: ඔබතුමා ඉල්ලීම් කරලා තියෙන්නේ එතකොට මොකක් සඳහා ද?

පිළිතුර (කේ.එස්.ටී. පෙරේරා) -: මම මේකේ කිසිම.. ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිත පරිසර හිතකාමී ව්‍යාපෘතියක් සඳහා නීත්‍යානුකූලව අවසර ගන්නා තෙක්, මූලික සංවර්ධන කටයුතු සඳහා අවසර ලැබිලා තියෙනවා.

මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය පවසන්නේ මෙම ප්‍රදේශයේ මෙවැනි ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට නීතිමය සීමාවක් ද පවතින බවයි.

එම සංවිධානයේ ලේකම් සේනාරත්න වනසිංහ මහතා පවසන්නේ, මෙම භූමිය පිහිටා ඇත්තේ, මුතුරාජවෙල අභයභූමිය ඇතුළත බවයි.

”එහෙම ගොඩ කරන්නේ කොහොම ද? .ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. එම නඩුව තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් තියෙනවා.ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නා මුතුරාජවෙල අභයභූමියේ සීමා මායිම් ලකුණු කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් මේ වෙනකන් වනජීවී දෙපාර්තුමේන්තුව අසමත් වෙලා තියෙනවා මුතුරාජවෙල අභයභූමියේ හෙක්ටයාර 1285 මැනලා අධිකරණයට ඉදිරිපත් කරන්න.ඒ වගේම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය 2017 නොවැම්බර් පළමුවනදා නියෝගයක් දුන්නා මුතුරාජවෙල අභයභූමිය ගොඩ කරන්න එපා. විනාශ කරන්න එපා. කසල බැහැර කරන්න එපා. හාරන්න එපා කිසිම දෙයක් කරන්න එපා. කියලා.හැබැයි එහෙම නියෝගයක් තියෙද්දි ඒ නියෝගය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් තමයි මේ පේන්න තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා මේ භූමිය තියෙන්නෙ මුතුරාජවෙල අභයභූමිය ඇතුළේ ‍”

පසුගිය 9 වනදා නිව්ස් ෆස්ට් මේ පිළිබඳව මුල් වරට තොරතුරු හෙළිදරව් කිරීමත් සමග ඊයේ (10) වන ජීවී නිලධාරීන් පිරිසක් අදාළ භූමිය පරික්ෂා කළේ ය.

එම නිලධාරීන් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හිමිකාර පාර්ශ්වය සතු ලිපි ලේඛන සහ තොරතුරු රැගෙන පිටව ගොස් තිබිණ.

පරිසරවේදීන් අවධාරණය කරන්නේ බලපත්‍ර ඇතැයි, කියමින් කරන මේ ව්‍යපෘතිය පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පවසන්නේ, හෙක්ටයාර 4 කට වැඩි තෙත් බිමක් ගොඩ කිරීමට නම්, ජාතික පාරිසරික ආරක්ෂණ පනත යටතේ පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කළ යුතු බවත් එසේ නොමැතිව වෙනත් කුමන බලපත්‍රයක් තිබුණ ද තෙත්බිමක් ගොඩ කිරීමේ හැකියාවක් නොමැති බවයි.

”මේ ගොඩකිරීම් සහ වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. අපට තේරුම් ගන්න බැරි ඇයි මේ බලධාරීන් මෙවැනි තත්වයකදී පවා මේ සම්බන්ධව ඇස් කන පියාගෙන ඉන්නෙ කියන කාරණාව.මේ තත්ත්වය යටතේදී අපි බොහෝවිට දකිනවා විවිධ පුද්ගලයින් බලපත්‍ර තියෙනවා කියලා ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා.නමුත් මේ තෙත්බිම් සම්බන්ධව අපි දැනගත යුතු ප්‍රධාන ප්‍රධානම කාරණය තමයි හෙක්ටයාර 4 කට වැඩි තෙත් බිමක් ගොඩ කරන්නට නම් ජාතික පාරිසරික ආරක්ෂණ පනත යටතේ පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කරන්න ඕනේ.එහෙම නැතුව නීතිමය හැකියාවක් නැහැ මොන බලපත්‍රය තිබුණ ත් මොන පර්මිට් තිබුණත් තෙත්බිමක් ගොඩ කරන්න”

මුතරාජවෙල තෙත්බිම පිළිබඳව දැඩි අවධානයක් මතුව ඇති කාලවකවානුවක සිදුවෙමින් ඇති මේ ක්‍රියාවළිය පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්වීම සිදුකළ යුතු නොවන්නේ ද? -නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

සජිත් ආණමඩුවේ තවත් සජබ කාර්යාලයක් අරී! (PHOTOS)

Next Post

මහපාරේ ගොවි සටන…! එන පොට හොඳ නැත…! (VIDEO)

MORE NEWS

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

Load More
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...

Read more
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.