• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විසිදාහේ සොච්චම් පඩියෙන් ජීවත්වෙන්න බෑ! සියලු අභ්‍යාසලාභීන් වහාම ස්ථිර කරන්න!

October 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විසිදාහේ සොච්චම් පඩියෙන් ජීවත්වෙන්න බෑ! සියලු අභ්‍යාසලාභීන් වහාම ස්ථිර කරන්න!
Share on WhatsAppShare on Facebook

කල් නොමරා සියලු අභ්‍යාසලාභීන් කඩිනමින් ස්ථිර කරන ලෙස අභ්‍යාසලාභී සාමූහිකය විසින් අද දින පැවති මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

එම සංගමයේ කැඳවුම්කරු මහේෂ් විමුක්ති මහතා සඳහන් කළේ “වසර ගණනාවක් රැකියා විරහිත උපාධිධාරී අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2020 රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් හඳුන්වා දුන්නත් මාර්තු 02 පත්වීම් ප්‍රදානය කොට එදින ම පාර්ලිමේන්තු විසුරුවා මහමැතිවරණය කැදවිම නිසා මැතිවරණ කොමිසම විසින් පත්වීම් අත්හිටවූ විමට කටයුතු කළ අතර නැවත සැප්තැම්බර් 02 ආරම්භ කළ අභ්‍යාසලාභී පුහුණුවට වසරකුත් මාසයක් ගත වෙලා තිබෙනවා.ඒ වගේම උපාධිධාරී පත්වීම් ප්‍රදානය කිරීමට මාස 19ක් ගත වෙලා තිබෙනවා.

මේ වෙද්දි අවුරුදු 2කට ආසන්න කාලයක් උපාධිධාරීන් දැඩි ආර්ථික අසීරුතා මධ්‍යයේ රැපියල් විසිදාහක සොච්චම් දීමනාවකින් ජීවනෝපාය කරගන්න සිද්ධ වෙලා තිබෙනවා. පැවැති ආණ්ඩුවලට වාර්ෂික ව රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් නොමැතිකම මත රැකියා විරහිත පෝලිම්වල රස්තියාදු වෙච්ච උපාධිධාරීන්ට රැකියාව ලැබි අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ පාන්න සිදුවෙලා තිබෙනවා.

එසේ තිබියදී 2021.10.06 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් චක්‍රලේඛනයක් නිකුත් වෙනවා සැප්තැම්බර් 02 දිනට වසරක පුහුණුව අවසන් කළ උපාධිධාරින් 43 000 ස්ථිර කිරීමට අදාළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කටයුතු කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියෝග නිකුත් කරමින්.ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව, පරිපාලනයේ දුර්වලතාවය හේතුවෙන් එකවර කණ්ඩායමක් ලෙස නොව කණ්ඩායම් තුනක් ලෙසට බඳවා ගැනීමට කටයුතු කළ උපාධිධාරීන් කණ්ඩායම් වශයෙන් ස්ථීර කිරීමට නොව එකවර 2020 රැකියා ගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ එකවර ස්ථිර ලෙස අප සංගමය ආණ්ඩුවට යෝජනා කරනවා. රටක් ලෙස දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න මොහොතක ආණ්ඩුව තමන්ගෙ නාස්තිකාර වියදම් නතර කර නැති මොහොතක රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පමණක් මුදල් නැහැ කීම අපි පිළිගන්නෙ නෑ. ආණ්ඩුව තම ගජ මිතුරන්ට බදු සහන ලබාදෙමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා.

ජීවන වියදම අහස උසට ගිහිල්ලා තියෙන මොහොතක රුපියල් විසි දාහක සොච්චම් දීමනාවකින් පනස් තුන් දහසකට අධික උපාධිධාරීන් ප්‍රමාණයක් දැඩි අසීරුතා මධ්‍යයේ තමන්ගේ ජීවිත ගැට ගහගනිමින් ඉන්නවා.අප මේ මොහොතේ ආණ්ඩුවට දැඩි ව අවධාරණය කර කියා සිටිනවා වහා ම සියලු අභ්‍යාසලාභීන් කඩිනමින් ස්ථිර කරන ලෙස.තවදුරටත් කල් මරමින් මේ ප්‍රශ්නය මග හරින්න ආණ්ඩුව කටයුතු කරනවා නම් සියලු බලවේග පෙළගස්වමින් රැකියා ස්ථිර කරගැනීමේ අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කර ගැනීමට අප සූදානම්” යනුවෙනි.

මෙම මාධ්‍ය හමුවේ දී රත්නපුර දිස්ත්‍රික් අභ්‍යාසලාභී සාමූහික නියෝජනය කරමින් එහි දිස්ත්‍රික් සංවිධායකවරුන් වන බුද්ධික ලක්මාල්, සුපුන් මධුශංක, නිලුකා මදුභාෂිණි යන මහත්ම මහත්මීන් ද අදහස් දැක්වීය.

SendShareShare
Previous Post

දියවන්නාවේ කිඹුලා ඇදන් ගිය මළ සිරුරේ අයිතිකරු හෙළිවෙයි! (VIDEO)

Next Post

1257කින් වැඩි කරලා සිලින්ඩරයක් 2750ක් කරලා! ගෑස්වලින් මිනිස්සුන්ගේ බොක්කටම වදියි!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.