රුපියල් මිලියන 40 ක් වැය කරමින් අක්කර 7ක් වූ කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ තණ පිඩලි ඇතිරීමට තීරණය කර ඇත.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කළේ මෙවැනි ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ මුදල් වෙනත් කිසිදු කටයුත්තකට යොදාගත නොහැකි බවයි.
කෞතුකාගාරය යනු සංචාරකයින් සඳහා ආකර්ෂණීය ස්ථානයක් බැවින් එය සිත්ඇදගන්නා සුලු මට්ටමේ පවත්වාගෙන යා යුතු බවත් හෙතෙම සදහන් කළේය.
දැනට කෞතුකාගාර පරිශ්‍රයේ ඇති තණ පිඩලි ආශ්‍රිතව ජලය එකතුවී මඩ වී, අපවිත්‍ර වී ඇති බැවින් මෙලෙස අලුතින් තණ පිඩලි ඇල්ලීමට තීරණය කළ බවත්, අදියර 2ක් යටතේ මෙම තටයුතු සිදුවන බවත් හෙතෙම කියා සිටියේය.










