මෙවර මහ කන්නයට වී ගොවීන් සදහා කාබනික පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රිවරු දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව මෙවර මහ කන්නයට කාබනික පොහොර ගොවීන්ට ලබා දීම සම්බන්ධයෙන් දැනුවත් කීරිමේ වැඩ මුළුවක් අද (6) පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ අමාත්‍යංශයේ ලේකම්,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඇතුළු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.











