ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සර්ව පාක්ෂික සමුළුවක් අද (06) නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික ව්‍යාපාරය විසින් එය සංවිධානය කොට තිබූ අතර පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍යපාද උලපනේ සුමංගල, ඇතුළු ගරු කටයුතු මහා සංඝරත්නය විසින් මෙම සමුළුවට නායකත්වය ලබා දුන්හ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරු ජයසූරිය, ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් රැසක්ද, සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දෙවසරක් තිස්සේ මෙරට අධ්‍යාපනය සහමුලින්ම කඩා වැටී ඇති බවත් එවන් තත්වයක් තුළ පවා
මේ රටේ දරු පරපුරේ සුභ සිද්ධිය වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන් කරන අසීමිත කැප කිරීම කිසි විටෙකත් අවතක්සේරු නොකළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ අතිශය සාධාරණ ඉල්ලීම් කෙරෙහි අනුකූලතාවය දැක්විය යුතු බව පැවසීය.
මොන තරම් දුෂ්කර ප්‍රශ්න හමුවේ වුවද සමස්ත ගුරු පරපුර විසින් ඉටු කරනු ලබන මෙහෙවර අති විශාල බව ද, ඔවුන්ට සියලු දෙනාගේ ප්‍රණාමය හිමිවිය ය විය යුතු බවද පැවසීය.










