විශේෂ සාකච්ජාවක් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනාවක් කර ඇති බව වාර්තා වේ.
අද උදෑසන විපක්ෂනායකවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරයා මෙම ආරාධනාව කර තිබේ.
මෙහිදී කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙහිදී විපක්ෂනායකවරයා දැනුම් දී ඇත්තේ තමන් පක්ෂය සමග සාකච්ජා කොට මේ පිළිබද පිළිතුරක් ලබා දෙන බවකි.










