විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජීවිතේ පළමු වතාවට කුඹූරකට බැස ඇති බවත්, කකුලේ මඩ ගෑවී ඇති නිසා පාර්ලිමේන්තු පැමිණ නැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මහකන්නය ආරම්භ වන ඔක්තෝබර් 4 වැනි දිනට පළමු සියලු පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවකි.
විපක්ෂනායකවරයා ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය සොයාබැලීම සදහා ගොවිබිම්වලට යාම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.










