• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ ඇතුළෙ අවුල් හදන්න යන මාධ්‍ය ආයතනයක් ගැන සජබෙ නායකයෝ දැවැන්ත හෙළිදරව්වක ! (VIDEO)

October 4, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
සජබ ඇතුළෙ අවුල් හදන්න යන මාධ්‍ය ආයතනයක් ගැන සජබෙ නායකයෝ දැවැන්ත හෙළිදරව්වක ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

එක්තරා මාධ්‍යයක් මගින් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත්, මෙම මාධ්‍ය ආයතන ආණ්ඩුවෙන් යැපෙමින් අසත්‍ය පතුරවමින් ජනතාව නැවත වතාවක් මුලා කිරීමට උත්සාහ කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

අද විපක්ෂ නායක නාර්යලායේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

මෙම හමුවට එස්.එම්.මරික්කාර් සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

මගි ජන බලවේගය ගැන අසත්‍ය ප‍්‍රවෘත්ති පළ කිරීම ගැන මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙසේද පැවසුවේය.

අද වන විට රාජපක්ෂ ආණ්ඩුව හැම පැත්තෙනම් අසාර්ථක වි ප‍්‍රපාතයට ඇද වැටෙමින් තියෙනවා. කොවිඩ් වසංගතයෙන් 13000 ක් මිය ගිය ආණ්ඩුවේ අසමත්භාවය නිසා. අනෙක් පැත්තෙන් රට ඉන්දියාවට, චීනයට විකුණනවා. කොමිස් මුදල් සාක්කුවට දාගන්නවා.

තවත් මාස ගානක් යන විට ගොවියා දුප්පත් වෙනවා. රට සාගතයකට යනවා. ඒ අතරේ ආණ්ඩුවෙන් යැපෙන, ආණ්ඩුවෙන් හම්බකරන මාධ්‍ය ආයතන අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරනවා. මාධ්‍ය ආයතනවල සංඛ්‍යාත රාජපක්ෂලාගේ සංඛ්‍යාතවත් ආණ්ඩුවේ සංඛයාවත් නොවෙයි. මේවා ජනතාවගේ සංඛ්‍යා.

අද සමහර මාධ්‍ය ආයතන දේශපාලන ගණිකා වෘත්තියේ යෙදී සිටිනවා. එහෙම කරලා විපක්ෂය බලයට එන එක නවත්වන්න බෑ. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සමහර මාධ්‍ය ආයතන වර්ජනය කිරීමට සිදුවුනා. මාධ්‍යයේ සාධාරණ ප‍්‍රවෘත්ති යනවාට අපි කැමැතියි. නමුත් අසත්‍ය ප‍්‍රකාශ කරන්න එපා කියලා අපි කියනවා. මාධ්‍යවේදීන්ට අපි කියන්නේ මාධ්‍ය මුදලාලිලාට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න එපා කියලයි.

මාධ්‍යයේ ස්වාධීනත්වය, සදාචාරය ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලනවා. අපි මේ ඉල්ලන්නේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. සමහරු සමගි ජන බලවේගය ගැන වැරදි ප‍්‍රවෘත්ති දානවා. සමගි ජන බලවේගයේ සියලු දෙනාම ශක්තිමත්ව සිටිනවා. අද රජය ඇතුලේම අය රජය විවේචනය කරවා. ඒවා ගැන වාර්තා කරනවා වෙනුවට සජබ කැඩෙයි කියලා කියනවා. සජබ කැඩෙනවා නෙමෙයි, සජබ තවත් අය එකතුවෙනවා. දවසින් දවස ශක්තිමත් වෙනවා.0

මනූෂ නානායක්කාර මහතා

මාධ්‍ය සම්බන්ධවන කතාබහක් ඇතිවී තිබෙන අවස්ථාවේදී මහ ලේකම්තුමා කිව්වේ ස්වාධීන මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරන්න කියලා. අපි ආණ්ඩුවක් ආවම මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරනවා

නයි ධාතු වඩම්මලා, නයි ධාතු ගෙන්වලා, නයි ධාතුවලින් ආණ්ඩු හද්නන උදව් කරපු අය, මුට්ටි ගගට දාපු අය, කෑගල්ලේ පැණියේ ප‍්‍රධාන මාධ්‍ය අනුග‍්‍රාහයකා වන්නේ ඇන්ටිජන් චැනල් එක. නයි ධාතු කොම්බුව.

මේ අය තමයි රාජපක්ෂලාට ණය නෑ. කල්පිටියේ රාජපක්ෂ අංකල්ටවත් ණය නෑ කියන්නේ මේ අය. කිසිම වටිිනාකමක් නැති භාණ්ඩයක් කිසිම වටිනාකමක් නැති භාණ්ඩයක් හරියට මාකට් කරන්න පුලුවන් කියලා කිව්වේ මේ අය. කිසිම වටිනාකමක් නැති බඩුවක් තමයි මේ අය මාකට් කරලා තියෙන්නේ.

ජනතාව ගොනාට අන්දන්න, වටිනා නැති බඩුවක් මාකටිං කරලා රටට විශාල විනාශයක් මේ අය කරලා. විනාශයටක් කරලා බලයට ආපු අය මාකටිං කරන්න උදව් කළ අයට හම්බක්කරන්න දිලා තියෙනවා. නොයෙක් වරප‍්‍රසාද ලබාදි තිබෙනවා. දැන් වැඩේ සපෝරුයි. දැන් දෙගොල්ලෝම ණයත් නෑ, බයත් නෑ. එක පැත්තක අය බලයට එන්න උදව් කළා. අනික් අය හම්බකරන්න උදව් කළා. යුතුකම ඉටු කරලා ඉවර නිසා තමයි කල්පිටියේ සිකියුරිටි රාජප්කෂ අංකල්වටත් ණය නෑ කියලා කියන්නේ ඒ නිසයි.

කොරෝනා වෙලාවේ මට්ටි ගගට දාලාා, පැණි ප‍්‍රමෝට් කරලා ජනතාව නොමග යවලා මරණයේ මංචකයට ගෙන ආපු මාධ්‍ය ආයතයක් තමයි ආණ්ඩුව වැටෙන විට බේරගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරු විතරක් නෙමෙයි ඇමැතිවරුත් තවම මුක්ුත් කරන්නේ නැද්ද කියලා අහනවා. තැන් තැන්වල කණ්ඩායම් රාජපක්ෂලාගෙන් ගැලෙවන්නේ කොහෙමද කිලයා කතා කරනවා. රහස් තැන්වල මන්දිරවලට වෙලා රාජපක්ෂලා තනිකරලා වෙනත් සන්ධාන හදන හැටි ගැන කතා කරනවා.

ආණ්ඩුව කඩා වැටෙන විට පක්ෂය ශක්තිමත් වෙනවා. සමගි ජන බලවේගය ශක්තිමත් වන විට, මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුවට ගහනකොට කොම්බුවට රිදිලා. ඒ අය තමයි සජබ පහට කැඩිලා කියලා නාගධාතු පත්තරේ ගහන්නේ.

නාග ධාතු පත්තරේ ප‍්‍රවෘත්ති ලියලා තියෙන්නේ විමුක්ති නානායක්කාර කියලා කෙනෙක්. එහෙම කියලා කෙනෙක් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා නෑ. සාමාන්‍යයෙන් පත්තරේ හෙඩ් ලයින් එකක් ලියන්නේ වගකිව යුතු මාධ්‍යවේදියෙක්. නමුත් මනංකල්පිත නමකින් ලියපු ලිපියක්.

මේල ලිපිය දීලි තියේන්නේ නැව් මංකොල්ලකාරයෙක්ගේ සල්ලිවලින් යැපෙන, සමගි ජන බලවේගයේ සමගිය දරාගත නොහැකි, කුප‍්‍රකට ඩීල් කාරයෙක්. පසුගිය ආණ්ඩුවේ ඩීල් දාපු, පාස්පෝට් හදලා පුරවැසිභාවය අරගෙන දුන්න කෙනෙක්. මේවායේ තියෙන සම්බන්ධන බලන්න.

හොරු රකින්න උදව් කරපු අය, ආණ්ඩුව වැටෙනකොට ඒකට මුක්කු ගහන්න තමයි මේ අය උදව් කරන්නේ. මේ අය එකට එකතුවෙලා ගහපු ගේම් එකක ප‍්‍රතිඵලයක් තමයි මේ. මේ වගේ ප‍්‍රවෘත්ති පළ කරන්නේ ආණ්ඩුවේ කඩාවැටීම වලක්වා ගැනීමයි.

කිසිම වටිනාකමක් නැති භාණ්ඩයක් ප‍්‍රමෝට් කරපු අයට රිදෙකොට, ඩීල් දාපු අය එකතුවෙලා තමයි සමගි ජන බලවේගයේ බෙදීමක් කියලා කියන්නේ

දැන් යොහානි ජාත්‍යන්තරයට යනවා. රාජපක්ෂලා විශ්වයටම යනවා. දැන් පැන්ඩෝරා පත‍්‍රිකාවල රාජපක්ෂ නමක් තියෙනවා. මේ රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා තමයි අර අයිතිකාරයෙක් නැති මල්වානේ ඉඩමට ඉදිරිපත් වුනේ. මේ සම්බන්ධතා ගැන කතා කරන්න ගත්තොත් පත්තරවලට ලියලා ඉවර කරන්න බැරිවේව. නයි ධාතු කොම්බු නාලිකාවලට කියවලා ඉවර කරන්න බැරිවේවි. ඒ තරම් ප‍්‍රශ්ණ තියේවි.

දැන් හෙළුව වහගන්න බැරි නිසා විපක්ෂයට චෝදනා කරනවා. මේ සම්බන්ධතා හරහා හොරකම් කරපු හැටි, දත්ත පද්ධතිවලට වුන හානි, වෛද්‍ය මාෆියාව කරපු හැටි ගැන තොරතුරු තියෙනවා. පරිස්සම් වෙන්න කියලා අපි අනතුරු අගවනවා. අපිත් ආණ්ඩුවක් ආවම ඩීල් නැති විපක්ෂයක් විදියට නීත්‍යානුකූලව කළ හැකි සියලු දේ කරනවා

මෙහිදී අදහස් දැක්වූ එස්. එම් මරික්කාර් මන්ත‍්‍රීවරයා මෙසේ පැවසුවේය.

ඇන්ටිජන් මෑන්ගේ පත්තරේ සමගි ජන බලවේගය පහට කැඩෙයි කියලා තියෙනවා. හැබැයි තියෙන්නේ පිංතූර හතරයි. මේ අය සිගිති ආතල් එකක් ගන්නවා

මේ අය කොහොමද මෙතැනට ආවේ, ඇයි මෙහෙම කරන්නේ කියලා බලන්න ඔ්න. ගජ මිතුරු වපසරියක් හදාගන්න, මුට්ටි ගගට දාලා. පැණි ප‍්‍රවර්ධනය කරලා, වසංගතයෙන් වාසි ලබාගැනීමට කටයුතු කළ අය ගජමිතුරු ව්‍යාපාරික වරප‍්‍රසාද ආරක්ෂා කරගැනීමට රටේ ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කිරීමට කටයතුු කරනවා.

රටේ ඇන්ටිජන් ගැන රටේ ජනතාව කතා කරනව විට, ඇන්ටිජන් වලට ගෙවන මිල සාධාරණද කියලා අහන විට මේ අය අවධානය වෙන පැත්කකට දානවා. සීනි ප‍්‍රශ්ණයක් ගේනවා. ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය කුඩු පට්ටම් වන විට පළාත් පාලන ඡන්දයත් අවුරුද්දකින් කල් දානවා.

මේ වගේ චූටි චූටි දේවල් දාලා, කොම්බුවට ඔ්න විදියට මාධ්‍ය හසුරවලා රට ඒ අයට ඔහොම රවටන්න බෑ.

2015 දී සීගිරියට වඩා උස කටවුට් ගහගෙන හිටියත් නිහඩ විරෝධයෙන් රාජපක්ෂ ගෙදර යැව්වා. වත්මන් ආණ්ඩුව කරලා තියෙන දේවල් එක්ක, සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයත් එක්ක ලපටි නිව්ස් ප්ලාන්ට් කරලා අපේ දේවල් යට ගහන්න බෑ

කොම්බු නාලිකාවට අපි කිය්නනේ විපක්ෂයේ දේශපාලඥයින් බ්ලැක් ලිස්ට් කරලා සිගිති සතුටක් ගන්න පුලුවන්. ඔබලා කරන දේවල් නිසා මේ බ්ලැක් ලිස්ට් කරපු අය ලබන මැතිවරණයෙන් උඩින්ම ජයගන්නා බව සහතිකයි.

SendShareShare
Previous Post

විපක්ෂය අද අහපු ප්‍රශ්න 40න් 37කටම ආණ්ඩුව උත්තර දෙයි!

Next Post

දූෂිතයි! නීතිය හරවනවා! මාෆියා! කාදිනල් හිමිපාණන්ගෙන් යළි බරපතළ ප්‍රහාරයක්! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.