මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සදහා විශේෂයෙන් වෙන් කෙරුණු අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් වූ ප්‍රශ්න 40න් 37කටම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු පිළිතුරු ලබා දුන්හ.
රජයේ සහ සභානායකවරයාගේ අදහසට අනුව මෙසේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සදහා පිළිතුරු දීමට පමණක් විශේෂ පාර්ලිමේන්තු දිනයක් වෙන් කිරීමට සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට යෝජනා කර තිබිණි.
කොවිඩ් -19 තත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සදහා අවස්ථාව ලබා දීමට මෙසේ විශේෂ දිනයක් ලබා දුන් බවට සභානායකවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 02ක් , අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක්, ධීවර අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක්, විදුලිබල අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක්, වෙළඳ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 03ක්, සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 04ක්, ඉඩම් අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 02ක් හා කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක් විමසා තිබිණි.
එසේම බලශක්ති අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක්, සංචාරක අමාත්‍යතුමාගෙන් 01ක්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 03ක්, මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 02ක්, අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 02ක්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 03ක්, මුදල් අමාත්‍යතුමාගෙන් 04ක්, වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න02ක්, අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථීක ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක්, අග්‍රාමාත්‍යතුමා හා ආර්ථීක ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 01ක් හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 04ක් විමසා තිබිණි.
—










