ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 6 වැනි දා රටපුරා විදුහල්පතිවරුන් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 මුල් කරගෙන දැවැන්ත විරෝධතාවක් දක්වන බව ගුරු සංගම් ප්‍රධානීහු පවසති.
ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ප්‍රධාන කරුණු 2ක් මත බවය.
ඒ ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසදන ලෙසත්, සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙසත් ඉල්ලමිනි.
මේ අතර සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක්වන බව ලංකා විදුහල්පති සංගමය සඳහන් කරයි.
රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බව ද ප්‍රනාන්දු මහතා පවසයි.










