වවුනියාව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පලන නියෝජිතයින් සහ එම පක්ෂයේ ආසන සංවිධායකයින් දැනුවත් කිරීම සඳහා පැවති රැස්වීමේදී අද උණූසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
මෙම රැස්වීමට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ආරාධනා නොකිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඊට විරෝධය දැක්වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හට ගෙන තිබේ.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ ජේ ධර්මකීර්ති සහ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සම්පත් පියතුංග හට මෙලෙස එම රැස්වීමට ආරාධනා කර තිබුණේ නැත.
රැස්වීම පැවැත්වෙන ස්ථානයට මෙම පක්ෂ නියෝජිතයින් දෙදෙනා පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.










