• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රි’මලේ තෙල් ටැංකි ඉතිහාසය එළියට එයි! ‌අලුතින් ඉන්දියාවට දෙන්න යන ගාණ මෙන්න! ටැංකි 16කම ඉන්දියාව වතුර පුරවලා!

October 3, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දීය විදේශ ලේකම් අද රෑ එන්නේ 2023 අපිට හිමිවන ත්‍රි’මලේ තෙල් ටැංකි ගිවිසුම දික් කරගන්න! ගම්මන්පිලත් දැන් ත්‍රි’මලේ ගිහින්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිර්මාණය කරන ලද මෙම තෙල් ටැංකි සංකීර්ණයට ආරම්භයේදී ටැංකි 101ක් අයත්ව තිබිණ.

දෙවන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාරයක් අතරතුර එකක් අනතුරට ලක්වූ අතර එය භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වී ඇත.

දැන් එයින් ඉතිරිව තිබෙන්නේ ටැංකි 99 ක් පමණි.

එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය යි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහත්වරුන් විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිඳු රටක් සමග ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත.

2003 දී මෙරට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීය.

එම ගිවිසුම ප්‍රකාරව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදුදීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය IOC සමාගමට බවරනු ලැබිණ.

එතැන් සිට IOC සමාගම පාවිච්චි කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 15 ක් පමණක් බව බනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

2017 වර්ෂයේ මෙම තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට එවක කැබිනට් අනුමැතියද හිමි වී තිබූ බව ඔවුහු කියති.

එහි සඳහන්ව තිබුණේ IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීමටත්, ඉතිරි ටැංකි 74, IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ හවුල් කාරිත්වය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමටත්ය.

බනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව කිපයක් විරෝධය දැක්වීමත් සමග එම ගිවිසුම අත්සන් තැබීමට නොහැකි විය.

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතු බව පවසන වෘත්තීය සමිති ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව පෙන්වා දී තිබේ.

එවන් පසුබිමක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමඟ නව ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් වන බව වෘත්තිය සමිති සඳහන් කරයි.

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ “මේක වෙන්නේ අවිධිමත් ගිවිසුමකට. ඒ අතර සමාජගත කරන සමහර වැරදි දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. සමාජයට තෙල් ටැංකි ගැන නිවරැදි තොරතුරක් දෙන්න ඕනේ” යනුවෙනි.‍

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රංවල මහතා, “බල්ලා පිදුරු කන්නෙත් නෑ; කන ගොනාට දෙන්නෙත් නෑ වගේ. ඒගොල්ලො ටැංකි 16ක ම වතුර පුරෝගෙන ඉන්නවා. ටැංකි කීපයක විතරක් තෙල් තියෙනවා. රජය ඩොලර් ගැනීමේ උවමනාව මත නම් රටක් සමග ගිවිසුම් ගහන්නේ කවදාවත් අපේ රටේ අවශ්‍යතා ඉටු වෙන්නේ නෑ”යි පැවසීය.

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියන්නේ “ඉන්දීය ලේකම්වරයා දැන් 87 සහ 91 කියන ටැංකි නිරීක්ෂණ කරන්න ගිහින් තියෙනවා. එයා එනකොට අපේ ඇමතිවරුත් එහෙ ගිහිල්ලා” යි යනුවෙනි.

SendShareShare
Previous Post

‘මේ හදන්නේ කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කරගන්න’! ඕමල්පේ හිමි භයානක අනතුරක් එළිදරව් කරයි! (VIDEO)

Next Post

ජනතාව බලන් හිටියත් දැන්මම නොඑන දෙයක් ජනක බණ්ඩාර හෙළිකරයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.