හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවන ලද තීන්දුවක් අස්ථානගත වී ඇකි බව අනාවරණය වේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් කර තිබූ මත විමසුමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව යවා තිබූ බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බරපතළ අර්බූූදයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.
මැතිවරණ නීති වෙනස් කිරීම පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව මේ පිළිබදව නීතිපතිවරයාගෙන් විමසා ඇති නමුත් මෙම තීන්දුව නොමැතිව නීතිපතිවරයාට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.










