ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සදහා අද (25) නෙළුම් පොකුණ රගහලේ පැවැති උත්සවයේදී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දැඩි කැළඹීමකට පත්ව ඇති බව වාර්තා වේ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී හදිසි මහමැතිවරණයක් පැවැත්වීම සදහා ජනවරමක් ලබා දෙන ලෙසටය.
කෙසේවෙතත් මෙම ප්‍රකාශයත් සමග කලබල වී ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉක්මන් මහමැතිවරණයකට යාමට අකැමැති නිසා වහාම රැස්ව මේ පිළිබද සාකච්ජා කර ඇත.
එහිදී ඔවුන් තීන්දු කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් ගෝඨභය හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවී සාකච්ජාවක් පැවැත්වීමටය.










