• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1988 යාපනයේ ඉපදුණා! 1991 නෝර්වේ සරණාගතයෙක් වුණා! 2015 ඔස්ලෝ බලය ඇල්ලුවා! 2021 මැතිසබේට ගියා! ‘අපේ කෙල්ලෙක් රටක් අල්ලපු හැටි’!

September 29, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
1988 යාපනයේ ඉපදුණා! 1991 නෝර්වේ සරණාගතයෙක් වුණා! 2015 ඔස්ලෝ බලය ඇල්ලුවා! 2021 මැතිසබේට ගියා! ‘අපේ කෙල්ලෙක් රටක් අල්ලපු හැටි’!
Share on WhatsAppShare on Facebook

අපි නෝර්වේ කියන රාජ්‍යය පිළිබඳ හඳුනාගෙන හිටියේ LTTE සංවිධානයට හිතවත්ව කටයුතු කිරීමත්, එම සංවිධානය දුර්වල වූ අවස්ථාවල සටන් විරාම ගිවිසුම් ඇතිකර සාම සාකච්ඡා පවත්වන්නට කටයුතු කිරීමත් යන කරුණු සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටකට ඔවුන් මැදිහත් වූයේ ත්‍රස්තවාදය මැඬපවත්වන්නට සාම මැදිහත්කරුවකු ලෙසය.

නෝර්වේ රාජ්‍යයේ අගනුවර වන්නේ ඔස්ලෝ නගරයයි. එරට ජනගහනය මිලියන 4.8ක් පමණ වනවා. 1970 තෙල් සහ ස්වාභාවික වායු නිධි නෝර්වේජියානු මුහුදෙන් සොයාගැනීමත් සමග වර්තමානය වන විට ඉතා ඉහළ ආර්ථික වර්ධනයකට හිමිකම් කියන රාජ්‍යයක් බවට නෝර්වේ රාජ්‍යය පත්ව ඇත.

පසුගියදා නෝර්වේ ජාතිකයන්ද ශ්‍රී ලංකාව පිළිබඳ කතාකරන්නට වූයේ ලංකාවේ උපත ලැබු තරුණියක් 2021 නෝර්වේ පාර්ලිමේන්තු මැතිවරණයට එරට කම්කරු පක්ෂයෙන් තරග කර මන්ත්‍රී ආසනයක් දිනාගැනීමත් සමගය.

‘කම්සාජිනි ගුණරත්නම්’ නම් 33 හැවිරිදි කාන්තාවක් වූ ඇය පිළිබඳ අප රටේ බොහෝ දෙනා කතාකරන්නට වූයේ නෝර්වේ පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව බවට ඇය ඉතිහාසයට එක්වූ නිසාය. ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

කම්සාජිනි මෙලොව එළිය දුටුවේ 1988 මාර්තු 28 වැනිදා යාපනයේදීය. ඇගේ මවුපියන් දෙමළ ජාතිකයන් වූ අතර, ඔවුන් ධීවර කර්මාන්තයේ නියැළෙන්නන් බව සඳහන්ය. ඇයට වයස අවුරුදු 3ක් වෙද්දි, එනම් 1991 වසරේදි ඇගේ මවුපියන් සරණාගත වීසා මත නෝර්වේ රටට සංක්‍රමණය වූයේ නෝර්වේ උතුරු ප්‍රදේශයේ ධීවර වෙළෙඳාම් කරගෙන යෑමේ අරමුණෙන්ය. මොවුන් එරටට පැමිණ වසර කිහිපයකට පසුව කම්සි සහ ඇගේ සොයුරාව ඔස්ලෝහි දෙමළ පාසලකට ඇතුළත් කෙරිණි. ඉන් වසර කිහිපයක් ගත වූ පසු කම්සි ඔස්ලෝහි දෙමළ තරුණ සංවිධානයකට සම්බන්ධ වී දේශපාලනයට අත්පොත් තබන්නීය. එහිදී ඇයට නගරාධිපතිවරයකු වූ රේමන්ඩ් ජොහැන්සන් මහතා මවුවූ අතර, ඔහුගේ ඇසුරෙන් යම් දේශපාලන අවබෝධයක් ලබාගත් ඇය, 2007 වසරේදී මුල්ම වතාවට නගර සභා මැතිවරණයක් සඳහා තරග කර එහි සභික‌යකු ලෙස තේරී පත්වන ඇය එරට දේශපාලනයට යොමු වීම නිසා ලංකාවට පැමිණීම පවා තහනම් කෙරිණි.

2011 වර්ෂයේ නෝර්වේ ප්‍රහාරය සිදුවන විට ඇගේ වයස අවුරුදු 23ක් පමණ විය. ඒ කාලයේ ඇය දෙමළ තරුණ කඳවුරකට සම්බන්ධව සිටි අතර, අදාළ ප්‍රහාරයෙන් කඳවුරේ 69 දෙනකු මරුමුවට පත්වෙද්දී ඇය දිවි ගලවාගත්තේ ටයිරිෆ් ජොර්ඩන් වැව වටා මීටර් 500ක දුරක් පිහිනා යෑමෙන්ය.

ඇය නෝර්වේහි දෙමළ තරුණ සංවිධානවල කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ තැනැත්තියක් මෙන්ම කම්කරු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක්ද වූවාය. වරෙක ඇයව ඝාතනය කිරීමට තැත්කිරීමේ චෝදනාවට බි්‍රවික් නමැත්තෙක් සිරභාරයට ගන්නටද එරට බලධාරීන් කටයුතු කළේය.

මේ අතර ඇය සමාජ භූගෝලය පිළිබඳ ඔස්ලෝ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් හිමිකර ගන්නේ 2018 වර්ෂයේදීය. ඇය කම්සාජිනි ගුණරත්නම් වෙනුවට ‘කම්සි ගුණරත්නම්’ යනුවෙන් නම වෙනස් කර ගත්තේ නෝර්වේ ජාතිකයන්ගේ පහසුව සඳහාය.

ඇය 2015 දී ඔස්ලෝ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙසද තරගකර ජයග්‍රහණය කර ඇත. මෙම තනතුරට අවස්ථා දෙකදීම ඇය තේරී පත්වන්නීය. ප්‍රගතිශීලී කම්කරු තරුණ පක්ෂයේ ප්‍රාදේශීය හා මධ්‍යම ක්‍රියාකාරී සාමාජික තනතුරු දෙකම කම්සිට ලැබෙන්නේ මේ කාලයේදීය. ඇය Nation wide Membership සඟරාවේ කර්තෘවරිය ලෙසද කටයුතු කර ඇත.

කම්සි දේශපාලනයට යොමුවීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.

“මට දේශපාලනයට යොමුවෙන්න ගොඩක් හේතුවුණේ ඔස්ලෝ නගරයයි. මොකද ජාතීන් 200ක පමණ බහු සංස්කෘතියක් එහි තිබෙනවා. ඉතින් ඔස්ලෝ තරම් විවිධත්වයක් වෙන කොහේවත් නැහැ. අපි එහිදී කවුරුවත් නරක මිනිසුන් ලෙස හඳුන්වන්නේ නැහැ. එහි ක්‍රියාවලිය තමයි වෙනස්. මට ගොඩක් අවශ්‍ය වුණේ ඒ සිස්ටම් එක වෙනස් කරන්න. ඒ නිසා තමයි මම දේශපාලනයට ආවේ.

අද කාන්තාවන්ගෙන් 25%ක් දේශපාලනය තුළ නියෝජනය වෙනවා. අවශ්‍ය වෙන්නේ සියලු දෙනාම සමකොට සැලකීමයි. මම දන්නවා සංස්කෘතික බාධා තියෙනවා. සමහර සංස්කෘතීන්වල කියැවෙනවා කාන්තාවන් දේශපාලනයට සුදුසු නැහැ කියලා. මම හිතන්නේ එය අප දැන් වෙනස් කළ යුතුයි…” ඒ ඇගේ අදහස්.

‘නෝර්වේ ගාර්ඩියන්’ පුවත්පතේ කර්තෘවරියක් වන ලෝරන් රාසාවි සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී තම දේශපාලන ප්‍රවේශය පිළිබඳ ඇය කියා සිටියේ, “අපට සමාජය ඉදිරියට ගෙනයාමේ එකම ක්‍රමය එකඟ නොවීමයි. අප මුහුණ දෙන ගැටලුව පිළිබඳ සාකච්ඡා කර නව විසඳුම් ලබාදීම අප මුහුණ දෙන ගැටලුයි. මේ ගැටලු විසඳන්න අවශ්‍ය වෙන්නේ අපේ නගරයට සහ රටට ගැළපෙන ලෙස ධනාත්මකව කටයුතු කරන පිරිසක්. මම හිතන්නේ සෑම රටක්ම තමන්ගේ වගකීම ගතයුතු යැයි මම විශ්වාස කරනවා. නෝර්වේහි පැවැති තත්ත්වය නිසා බොහෝ දෙනෙක් ඇමෙරිකාවට සංක්‍රමණය වුණා. අද ‌මිනිසුන් නෝර්වේ හොඳ රටක් ලෙස දකිනවා. එයින් අපට ගෞරවයක් ලැබෙනවා…” යනුවෙනි.

‘ගාර්ඩියන්’ පුවත්පත් කර්තෘවරිය කම්සිගේ මේ පුළුල් ගමන ගැන පවසන්නේ, ඇගේ ඉවසීම සහ සදාචාරසම්පන්න වටපිටාවකින් යුක්තව ආගමික විශ්වසනීයභාවය මේ ගමනට හේතුවුණා කියලයි.

අවසානයේ අප තේරුම්ගත යුතු එක දෙයක් ඇත. ඇය කුඩා කාල සිට ආ ගමන බොහෝ දුරය. ඇය ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන්නාය. ජීවිතය ශක්තිමත් කරගැනීමට යත්න දැරීම පිළිබඳ කදිම උදාහරණයකි කම්සිගේ ජීවිත කතාව.

අද ඇය නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකි. හෙට ඇය එරට ජනාධිපති වන්නටද පුළුවන. ධෛර්යයෙන්, ශක්තියෙන් ජීවිත අභියෝගයන්ට මුහුණදීම කම්සි ලැබූ මේ ජයග්‍රහණයට හේතුවයි. කම්සි ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් අත්කර දුන් ඒ කීර්තියට සහ ඇගේ ගමනට අපි සුබ ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

වරායේ හිරවෙච්ච කෑම ටික ගන්න කබ්රාල් මහබැංකුවෙන් ඩොලර් මිලියන 50ක් දෙයි!

Next Post

පාලකයන්ට කලාකාරයන්ට කරන්න බැරි වුණු දේ කටුනායකින් යද්දි ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය යොහානිට කරලා පෙන්වයි!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.