ලබන ඔක්තෝබර් පළමු දා සිට කොරෝනා අර්බූදය හේතුවෙන් අසරණ වී සිටින ව්‍යාපාරිකයන් හට ණය සහ පොලී ගෙවීම සදහා වසරක හෝ දෙකක සහන කාලසීමාවක් ලබා දීම කෙරෙහි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවැති රූපවාහිනී වැඩසටහනකදීද කබ්රාල් මහතා අදහස් පළ කර සිටියේය.










