යුරෝපා කමිටුව හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වී තිබේ.
මෙහිදී විපක්ෂනායකවරයා යුරෝපා කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් ජීඑස්පිී ප්ලස් සහනය තවදුරටත් ලංකාවට ලබා දෙන ලෙසය.
මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට බලපෑම් කළද ඒ හරහා ජනතාව අසීරුවට පත්කිරීමට කටයුතු නොකරන ලෙස විපක්ෂනායකවරයා යුරෝපා කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇත.
මෙම හමුවට ලක්ෂ්මන් කිරිඇල්ල සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.










