• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යයට එල්ල කරන තර්ජන විපක්ෂනායක පිළිකුළෙන් යුතුව හෙළා දකී!

September 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව මිනිස් ජීවිත බිල්ලට දී ගජමිතුරන්ට සහන දෙනවා!  (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ පිළිකුල් සහගත තර්ජනය ඒ තර්ජනයටම අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නොමැති බවත් එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් මෙන්ම ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ සලකන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

මාධ්‍යයට සහ මාධ්‍ය නිදහසට එරෙහි තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු

මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත්කොට ඇති බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති නිදහස සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)වගන්තියේ පැහැදිලිව දක්වා ඇති අතර එවැනි රටක මාධ්‍ය භූමිකාවට මෙවන් තර්ජන එල්ල කිරීමට කිසිවකුට හැකියාවක් නැත.

◾අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින්ද, සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින්ද, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මගින් ද, ඉතා පැහැදිලිව පිළිගෙන තිබේ.

◾ රටේ පවතින දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කිරීම මාධ්‍ය සතු වගකීමක් වන අතර ,ඒ වගකීම ඉටු කරන මාධ්‍යවේදීන්ව රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමට හෝ ,ඔවුන් ඉලක්ක කරගෙන  තර්ජන එල්ල කිරීමට හෝ , ඔවුනට බලපෑම කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව  අවධාරණය කළ යුතුය.

◾තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවතින අවස්ථාවක්ව තිබියදී කිසිසේත්ම  මේ ආකාරයේ කැඳවීම් කිරීම කළ නොහැකි අතර, එවැනි ආවරණයක් නොතිබියදී වුවත් මාධ්‍යවේදීන්ට මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නැත.

◾එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් වන අතර ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ ද අපි සලකමු.

මේ රටේ දූෂණ වංචා හෙළිදරව් කරන මාධ්‍යවේදීන්ගේ අදීනත්වය අඩපණ කිරීමට පවා මෙම තර්ජනාන්විත ලිපි හේතු විය හැකි අතර,අපි එයට මාධ්‍ය නිදහසේ නාමයෙන් බරපතළ විරෝධය ප්‍රකාශ කරමු.

◾අතීතයේ සිදු වූ යම් යම්වැ රදි අනාගතයට උරුමකර දීම හෝ එය සාධාරණීකරණය කිරීම  දියුණු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක ශිෂ්ට සම්පන්න ක්‍රමවේදය නොවන අතර අප කළ යුත්තේ අඩුපාඩු සහ වැරදි වලින් පාඩම් උගෙන නිවැරදි මාවත තෝරා ගැනීමය.

◾නියමින් හෝ අනියමින් මාධ්‍ය නිදහසට වැට බැඳීම,ඔවුන්ට තර්ජනය කිරීම,ඔවුන්ව වාරණය කිරීම අප අනුදකින දේශපාලනය නොවන අතර,අපේ නොවෙනස් ප්‍රතිපත්තිය වන්නේ මාධ්‍යයට පැවතිය යුත්තේ ස්වයංවාරණයක් පමණක් බවය.

එකී ප්‍රතිපත්තිය තිරසාර වන අතර කිසිදු හේතුවක් මත වෙනස් නොවන්නකි. මේ අභියෝග සහ තර්ජනයන්ට එරෙහිව සියලු මාධ්‍යවේදීන් සමඟ අප අත්වැල් බැඳ ගන්නා අතර ඔවුන්ට අවශ්‍යවන නීතිඥ සහායක් වෙත්නම් ඒ අනුග්‍රහය ලබාදීමට ද සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම සැදී පැහැදී සිටින බව අවධාරණය කරමු.

අතීතයේ වැරදි නිවැරදි නොවේ නම් අනාගතය අතිශයින් දුර්භාග්‍ය සම්පන්න වන බව අවධාරණය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ මේ පිළිකුල් සහගත තර්ජනය ඒ තර්ජනයටම අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිමු.

SendShareShare
Previous Post

අපේ යොහානිත් ඉන්දියාවට සින්න වෙයිද?

Next Post

දයාසිරි දෙවැනි පාරටත් මන්ත්‍රීකමෙන් අස්වෙන්න තීන්දු කරයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.