සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 44 ක් අද පෙරවරු 7.00 සිට 12 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වෙමින් සිටී..
කොරෝනා වසංගතය අවසන් වනතුරු රුපියල් 7,500 දීමනාව ලබා දීම, අතිකාල සීමා ඉවත් කිරීම, සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම, සෞඛ්‍ය සේවය සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය දියත් කර තිබේ.










