බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසය මගින් අයිඑස්අයිඑස් සංවිධානය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ ඇති කරුණු සම්බන්ධයෙන් Fact Check ආයකනය කරුණු විමර්ශනයක් කර තිබේ.
ඒ මෙසේය.
WhatsApp ඔස්සේ පොදුවේ සංසරණය වන බොහෝ පණිවිඩ මගින් ජනතාව නොමග යන කරුණු සඳහන් වී තිබෙන අතර එවන් පණිවිඩ සම්බන්ධයෙන් Factcrescendo අප කිහිප වතාවකදී ම කරුණු පරීක්ෂාවන් සිදු කර සත්‍ය හෙළි කර තිබේ. මෙවැනි පණිවිඩ තුලින් බොහෝ අවස්ථාවන් වලදී අනෙක් පිරිස දැනුවත් කිරීමට ඔවුන් අතර හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලීම් කෙරෙන බැවින් මෙම පණිවිඩ ඉතා සීඝ්රයෙන් ජනතාව අතර ප්‍රචලිත වේ. එවැනි නොමග යවන සුළු තවත් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
ෆේස්බුක් සහ WhatsApp සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වූ පණිවුඩයක දැක්වුණේ ISIS සංවිධානයට අයත් Interschool නම් WhatsApp සමූහයක් (Group) ඇති බවත් ඊට එකතුවුවහොත් ඉන් ඉවත් වීමට නොහැකි බවත් එවැනි සමුහයකට එකතුවන ලෙස ආරාධනා ලැබුණහොත් ඉන් වැළකී සිටින ලෙසයි. එම පණිවිඩය පහතින්.
WhatsApp ඔස්සේ එම පණිවිඩය නැවත වරක් මේ දිනවල සංසරණය වූයේ මේ අයුරින්.
ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ මෙම සටහන පරිශීලකියන් අතරේ බහුලව සංසරණය වී තිබූ අයුරු.
බොහෝ පරිශීලකයින් මෙම පණිවිඩය ඔස්සේ නොමග ගොස් ඇති හෙයින් මෙහි නිවරැදි කරුණු සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
WhatsApp ඔස්සේ සංසරණය වූ මෙම පණිවිඩයේ සඳහන් කර ඇති එක් කරුණක් දෙස අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කළා.
එනම් ඉහත සඳහන් නමින් ඇති WhatsApp සමූහයට (Group) එකතු වීමෙන් පසු නැවත ඉන් ඉවත් වීමට නොහැක යන කරුණයි.
WhatsApp ආයතනයද යම් කිසි සමූහයකින් ඉවත් වීම සම්බන්ධයෙන් WhatsApp පැන සහ විසඳුම් (FAQ) කොටසේ දක්වා තිබුණේ මෙලෙසින්.
ඒ අනුව තමන්ට කැමති ඕනම් අවස්ථාවක ඕනෑම WhatsApp සමූහයකින් ඉවත් වීමේ හැකියාව පවතින අතර ඔබ ඉවත් වීමෙන් පසුව වුවද, එම සමූහයේ ඔබ ඉවත් වීමට පෙර හුවමාරු වූ පණිවිඩද(Chat History) බැලීමේ හැකියාව පවතී.
එසේ නම් එම සටහනේ දක්වා ඇති එම කරුණ අසත්‍ය බවට පැවසිය හැක.
කෙසේවෙතත් අප මේ පිළිබඳව ශ්‍රී ලංකා පරිගනක සංසදයෙන්ද (SL CERT) විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මෙවැනි සමූහයන් සඳහා එකතු වීමේදී සහ ඉන් ඉවත් වීමේදී එම සමූහයේ නිර්මාණකරුට (Admin) ඔබ ඉන් ඉවත්වීම වළකාලනු නොහැකි බවයි. තවද, යම් පුද්ගලයෙකු මෙවැනි සටහන් දැකීමෙන් පසු ISIS ත්‍රස්ත කල්ලිය විසින් නිර්මාණය කළ සමූහයක් බවට හඟවා මෙනමින් නව සමූහයන් නිර්මාණය කොට ජනතාවට අනවශ්‍ය බියක් ඇති කරවීමට ISIS ත්‍රස්ත කල්ලිය විසින් හුවමාරු කර ගන්නා පණිවිඩ ලෙස ලැබීමට සැලැස්විය හැකි බැවින්, තමන් නොදන්නා කිසිදු සමූහයකට එකතු නොවන ලෙසත් තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ පෞද්ගලික තොරතුරු තමන් නොදන්නා පිරිසක් සිටින නොදන්නා WhatsApp සමූහයකට යොමු කිරීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනතාවට අනවශ්‍ය භීතියක් ඇති කිරීම සඳහා නිර්මාණය කර තිබෙන මෙම පණවිඩය විදේශීය රටවලද WhatsApp සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කරන්නන් අතර සංසරණය වී තිබේ. එමෙන්ම ISIS සංවිධානය විසින් එනමින් WhatsApp සමූහයක් පවත්වා යන බවට තොරතුරු තහවුරු වී නොමැති බවද විදෙස් කරුණු පරීක්ෂක කණ්ඩායම්ද තහවුරු කරයි.
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වූ පණිවුඩයක් වූ ISIS සංවිධානයට අයත් Interschool නම් WhatsApp සමූහයක් ඇති බවත් එයට එකතුවුවහොත් ඉන් ඉවත් වීමට නොහැකි බවත් එවැනි සමුහයකට එකතුවන නොවන ලෙසත් කලින් කලට හුවමාරු වන පණිවිඩයේ දැක්වෙන කරුණු පදනම් විරහිත බවයි. WhatsApp සමූහයකට එකතු වුවහොත් ඉන් ඉවත් වීමට ඕනෑම අවස්ථාවක ඔබට හැකි වන අතර WhatsApp ආයතනයද මේ බව තහවුරු කරයි.










