මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ් කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවසේ පැවැත්වීමට සැලසුම් කර තිබූ රැස්වීමක් අවසන් මොහොතේ අවලංගු කොට ඇත.
මෙම රැස්වීම ඊයේ (25) සවස 4ට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම එහිදී සාකච්ජාවට ලක් කිරීමට නියමිතව තිබිණ.
නමුත් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඒකරාශි කර ගත නොහැකි වූ තත්ත්වයක් යටතේ හිටපු ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා සාකච්ජා කොට අවසන් මොහොතේ රැස්වීම අවලංගු කොට ඇති බව දැනගන්නට ඇත.










