අලි ඇතුන් ළග තබා ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී සුවිශේෂී හෙළිදරව්වක් කළේය.
එහිදී පසුගිය කාලසීමාවේදී අලි ඇතුන් විවිධ පුද්ගලයන්ට ලබා දීම සදහා ගැසට් පත්‍ර වෙනස් කළ ආකාරය පිළිබදව උදාහරණ සහිතව පෙන්වා දීමට දිසානායක මහතා පියවර ගත්තේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අලි පැටවකු පරිත්‍යාග කර ඇති බවයි.
එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වශයෙන් සිටින නෙවිල් වන්නිනායක නැමැත්තාට අලි දෙන්නකු ලැබුණේ කෙසේද යන්නත් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.











