ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිහිටි දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පැතිරෙමින් පවතින බව අනාවරණය වී ඇත.
මීටමීට දින දෙකක සිට පැතිරෙමින් තිබෙන මෙම ඉන්ධන තට්ටුව සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ පිළිබඳ වහාම සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
.“මීට දවස් දෙකකට විතර කලින් මේ සිද්ධිය මට වාර්තා වුණා. ඒ සමබන්ධ ඡායාරූප කිහිපයක්ම මට මගේ හිතවතෙක් ලබා දුන්නා. ඒ ඡායාරූප බැලුවහම පේන්නේ තල් තට්ටුවක් පාවෙන බවක්. ඒක පුද්ගලයෙක්, ආයතනයක් හෝ යම් කණ්ඩායමක් විසින් කරපු දෙයක්ද කියලා හොයන්න මම උපදෙස් දුන්නා” යි අමාත්‍යවරයා පැවසීය










