යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට පැවරීමට එරෙහි සාකච්ජාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ අද සවස පැවැත්වී තිබේ.
මෙම සාකච්ජාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් රැසක් සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
ඊයේ දීනයේදී මෙම පක්ෂ නායකයන් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ හමුවී සාකච්ජා කළ අතර එහි ඉදිරි පියවරක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසේ අද හමුව සංවිධාන කොට තිබිණ.
මෙහිදීද යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.









