හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වනජීවී අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව හමුවේ කළ ප්‍රශ්න කිරීම්වලදී, එහි උණුසුම් තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ.
අලි නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු දෙදෙනා උපදේශක කාරක සභාවේදී ප්‍රශ්න කර ඇති අතර ප්‍රමාද වී පැමිණීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එයට විරෝධය දක්වා ඇත.
මෙහිදී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව දැනගන්නට ඇත.
මෙම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති බව දැනගන්නට තිබේ.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුව පාර්ලිමේන්තුවේදී මේ ගැන කතානායකවරයාගේ අවධානයද යොමු කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.