වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන්ගේ එම ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තමන් ද නිදහස් කරන ලෙසට බල කරමින්.චැපල් වාට්ටුවේ රඳවා සිටින සිරකරුවන් 10 දෙනකු එහි වහලය මත නැග විරෝධතාවයක නිරත වන්නේ ඊයේ (20) පස්වරුවේ සිටය.










