• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන්නු හොර රහසේ කොරෝනාව හදපු හැටි පළමුවරට හෙළිවෙයි! ලෝකෙම හොල්ලමින් පිටු 900ක වාර්තාවක් එළියට එයි!

September 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
චීන්නු හොර රහසේ කොරෝනාව හදපු හැටි පළමුවරට හෙළිවෙයි! ලෝකෙම හොල්ලමින් පිටු 900ක වාර්තාවක් එළියට එයි!
Share on WhatsAppShare on Facebook

‘මේ ප්‍රදේශය ඇත්තටම හරිම ලස්සන නිම්නයක්. ඒත් මෙහි තිබෙන කඳුවල යට පිහිටලා තිබෙන ගුහාවල් හරිම අත්භූතයි. ඒවා හරියට අභ්‍යාවකාශයේ ‘කළු විවරයන්’ වගේ. ඇතුළට ගියොත් නිමවෙන තැනක් සොයාගන්න බැහැ. මේ ගුහාවල ඉන්න ප්‍රධානතම සත්වයා තමයි වවුලා. වවුල්ලු වර්ග රාශියක්, ලක්‍ෂ ගණනින් මේ ගුහාවල වාසය කරනවා. 2003-2004 වසරේදී චීනයේ ඇති වුණු සාර්ස් වසංගතය මේ වවුලන්ගේ වෛරසයකින් ඇතිවුණු එකක් කියලා පර්යේෂණ මගින් සොයාගෙන තිබුණා. චීනයෙන් පටන්ගෙන දැනට ලෝකය පුරාම පැතිරිලා මහා විනාශයක් සිදුකරන කොරෝනා වෛරසයත් මේ වගේ වවුලන්ගෙන් ඇතිවුණු එකක් කියලා සැක කළා. ඒ නිසා විවිධ පර්යේෂණ කණ්ඩායම් චීනයේ මේ යුනාන් ප්‍රදේශයේ වවුල් ගුහාවල පර්යේෂණ කරන්න සැලැසුම් කළා. කොරෝනා වසංගතය නිසා දැනට ලෝකයේ මිනිසුන් ලක්‍ෂ 50කට ආසන්න ගණනාවක්මැරිලා, මේක හරිම භයානක තත්ත්වයක්. මේ මාරක වසංගතය ගැන දැනට අවුරුද්දකට වඩා උඩදී තමයි මේ වවුල් ගුහා ආශ්‍රිත කරගෙන පර්යේෂණ කරන්නට ගත්තේ. ඒත් සාර්සවලදී් වගේ නෙවෙයි මේ පාර ඒ කටයුතු කනපිට හැරුණා.’

යම් මිනිසෙකු විසින් පවසන්නට යන මෙම සුවිශේෂී කතාව කුමක්ද? මේ කතාව තනිකරම ඇසෙන්නේ චීනයෙන්, ඒත් මේක මුළු මහත් ලෝකයේම ඇස් ඇරවන කතාන්දරයක්. චීන රජයේ එක්තරා උසස් තානාන්තරයක් දරන, එහෙත් තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට අකැමැති රජයේ බලධාරියකු තමයි මේ මේ වගතුග කියා සිටින්නේ. ඔහු මේ කතාව කියා සිටින්නේ ලෝකයේ ප්‍රඛට මාධ්‍ය ආයතනයක් වන AP ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ ආයතනයේ විශේෂ මාධ්‍ය කණ්ඩායමකටයි. කොරෝනා මාරක වසංගතය ඇරැඹීමෙන් පසුව AP මාධ්‍ය ආයතනය චීනය තුළ සිදු කරන්නට ගත් විමර්ශනයකදී මේ වගතුග හෙළිවුණා. ඔහු මේ සුවිශේෂී කතාව තවදුරටත් පවසන්නේ මෙසේය.

‘මාරක කොරෝනා වසංගතය ගැන පර්යේෂණ කරන චීන ජාතික විශේෂඥ කණ්ඩායම් මේ යුනාන් ප්‍රදේශයේ වවුල් ගුහාවලට ආවා. ඒත් දින කිහිපයයි ගියේ. ඒ අය සිදු කරන පර්යේෂණ වහා නතර කිරීමට ඉහළින් නියෝගයක් ලැබුණා. ඒ කියන්නේ චීන රජයෙන් ලැබුණු අණක්. මේ වවුල් ගුහා ආශ්‍රිතව පර්යේෂණ සිදුකළා නම්, පසුගිය ‘සාර්ස්’ වසංගත කාලයේ මෙන් මෙවරත් කොරෝනා වසංගතය ඇති වුණේ කෙසේද කියලා වැදගත් කරුණු සොයා ගන්නට තිබුණා. එහෙත් මේ කටයුතුවලට රාජ්‍ය දේශපාලනය මැදිහත් වුණා. ඒ නිසා මේ වවුල් ගුහාවල් ‘දේශපාලනික කළු විවරයක්’ වුණා. වවුලන් ගැන පර්යේෂණ සිදුකරමින් සිටි චීන පර්යේෂණ කණ්ඩායම් විසින් රැස්කර ගත් වැදගත් පර්යේෂණ සාම්පල සියල්ලම චීන බලධාරීන් විසින් රාජ්‍ය භාරයට ගත්තා. ඒවා නැවැත කිසි දිනෙක එම කණ්ඩායම්වලට බාර දුන්නේ නැහැ. චීන ආරක්‍ෂක අංශ විසින් මෙම පිරිස් අත්අඩංගුවට ගෙන පසුව අවවාද කර නිදහස් කර හැරියා. ඒ අතරේ මෙය ගැන විමර්ශනය කිරීමට පැමිණි චීන සහ විදෙස් ජනමාධ්‍ය කණ්ඩායම් කිහිපයක්ම ආරක්‍ෂක අංශ මගින් මගදීම හරවා යවලා තිබුණා. ඒ කියන්නේ ආරක්‍ෂක අංශ නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරැසී සිටිමින්, මෙම කණ්ඩායම් එම ප්‍රදේශයට පැමිණෙනු මාර්ගය තුළ රැකවල්ලා සිට අත්අඩංගුවට ගන්නවා. ඔවුන් චීන පොලිසියට සහ යුද්ධ හමුදාවට සම්බන්ධ නිලධාරීන් පිරිසක්. ඒ නිසා දැනටත් මෙම යුනාන් ප්‍රදේශයේ විශාල වවුල් ගුහාවලට කිසිවෙකුටත් පැමිණෙන්න බැහැ.

දැනටමත් මුළු මහත් ලොවම මහා අගාධයකට ඇද දමා තිබෙන මාරක කොරෝනා වසංගතය ගැන මෙලෙස සිදුවන නිහීන ක්‍රියාවලිය කුමක්ද? මෙය සිදුවන්නේ සම්පූර්ණයෙන්ම චීනය තුළින් වන අතර, මේ මගින් චීනය බලාපොරොත්තු වන්නේ ‘කොවිඩ්-19’ වසංගතය ලොවට බිහිවූයේ කෙසේ දැයි යන කරුණු, කාරණා සහ සාධක වසන් කිරීමය. ඒ සඳහා මේ වන විට සහ පසුගිය කාලයක් පුරාද, චීනයේ පාලක කොමියුනිස්ට් පක්‍ෂය සහ එහි ප්‍රධානතම නායකයන් කටයුතු කළේය. ඔවුන්ගේ අණසකට ඉහළින් කිසිවෙකුටත් යා නොහැක. එසේ වුවහොත් ඉතා දැඩි දඬුවම් හිමිවනු ඇතිය.

මේ වගතුග තවත් බොහෝ දිගුය. මේ කරුණු ඔබට ලියා තබන්නට පෙරගමන් තබන්නට හේතු වූයේ, මෙයට දින කිහිපයකට ඉහතදී චීනයෙන් සහ ඇමෙරිකාවෙන් අසන්නට ලැබුණු තවත් නවතම වතගොතක් හේතුවෙනි. එනම් වත්මන් ‘කොවිඩ්-19’ වසංගතය ගැන බොහෝ තීව්‍රව සිදුකළ විමර්ශනයක් ගැන කරුණු හෙළි වීමය. එසේම මෙම විමර්ශනයෙන් පසුව පිටු 900කින් යුත් විශේෂ වාර්තාවක්ද සකස් කෙරී ඇතැයි යන පුවත මෙයට දින කිහිපයකට ඉහතදී හෙළි කෙරිණි. මෙය ඉතාම රහසිගත කරුණු රැසක් අඩංගු වාර්තාවක් යැයි මුලින්ම ලොවට කරුණු ප්‍රකාශ කළේ, ඉන්දියානු සඟරාවක් වන, ‘ග්‍රේට්ගේම් ඉන්ඩියාං’ නැමැති සඟරාව මගිනි. මෙම සඟරාව ලෝකයේ තිබෙන ‘භූදේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා’ ගැන විශ්ලේෂණාත්මකව කරුණු කතාබස් කරන ප්‍රකට ප්‍රකාශනයක් වෙයි. ඔවුන්ගේ හෙළිකිරීමත් සමග මෙම විමර්ශනයේ වගතුග තවත් බටහිර මාධ්‍ය කිහිපයක් මගින් ප්‍රකාශ කර තිබිණි. කෙසේ හෝ මෙම ‘කොවිඩ්’ රහසිගත විමර්ශනය ගැන මෙයට මාස ගණනකට පෙරද විවිධ මාධ්‍ය තුළින් කරුණු හෙළිවී තිබිණි. මෙහි සැබෑ වගතුග කුමක්ද?

‘කොවිඩ්-19’ වසංගතය ලොව තුළ ආරම්භ වීමෙන් පසුව 2019 වසරේ මුල් භාගයේදී සිට මෙම පර්යේෂණාත්මක විමර්ශනය සිදුකිරීම ආරම්භ කෙරී ඇත. එනම් මෙම කාර්යබාරය සිදුකිරීම සඳහා මුළුමනින්ම වියදම් දරන්නේ ඇමෙරිකාව විසිනි. එසේම මෙම පර්යේෂණාත්මක විමර්ශනයේ කටයුතු සිදුකිරීමට බාරකර ඇත්තේ, ඇමෙරිකාවේ තිබෙන ලෝ ප්‍රකට වසංගත පර්යේෂණ ආයතනයක් වන ‘එකෝ හෙල්ද් එලායන්ස්’ නැමැති සංවිධානය වෙතය. ඔවුන් මින් පෙර ලොව ඇති වූ මාරක වසංගතයන් වන සාර්ස්, මර්ස්, නිපා වෛරස්, ඉබෝලා සහ තවත් වසංගත ගණනාවක් ගැන පර්යේෂණ පැවැත්වූ ආයතනයක්ද වෙයි. ඔවුන් ඍජුවම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධවද කටයුතු කරනු ලබයි. 1971 වසරේදී ආරම්භ කරන ලද මෙම ආයතනයට මෙම වසරේදී වසර 50ක් සපිරෙන අතර, මෙම ආන්දෝලනාත්මක ‘කොවිඩ්-19’ විමර්ශනය සිදුකෙරෙන්නේ එවැනි වටාපිටාවකදීය. දැනට මෙම සංවිධානයේ සභාපතිත්වය දරන්නේ, පීටර් ඩසැක් නැමැති ප්‍රවීණ බි්‍රතාන්‍ය ජාතික සත්ව විiාඥයෙකි.

මෙම ආන්දෝලනාත්මක විමර්ශනයේ අරමුණ වන්නේ, ‘කොවිඩ්-19’ වසංගතය යනු ලෝකයට ස්වාභාවිකව ඇතිවුණු වසංගතයක්ද, එසේත් නැතිනම් කෘතීම නිර්මාණය කරන ලද වසංගතයක්ද යන්න නිගමනය කිරීමය. එනම් මෙම වසංගතය ස්වාභාවික සතුන් හරහා මිනිසාට සංක්‍රමණය වූයේද, එසේත් නැතිනම් පර්යේෂණාගාරයක් හරහා මිනිසා වෙත සංක්‍රමණය වූයේද යන්න විමර්ශනය කිරීමය. ලෝකයේ සමහර පාර්ශ්ව විසින් දරන මතයක් වන්නේ, මෙම ‘කොවිඩ්-19’ වෛරසය චීනයේ වූහාන් නුවර පිහිටා තිබෙන චීනයේ තිබෙන විශාලතම වෛරස් පර්යේෂණාගාරයෙන් හදිස්සියේම පරිසරයට නිකුත් වූ වෛරසයක් ලෙසය. එනම් සත්ව වෛරස භාවිත කරමින් ජීව විiාත්මක අවියක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමේදී, අනපේක්‍ෂිත අයුරින් භයානක වෛරසයක් සමාජයට පිටවූවා යන මතය වෙයි. එහෙත් මේතාක් දක්වා එවැන්නක් සාක්‍ෂි ඇතිව ඔප්පු කිරීමට නොහැකි වී ඇත. එසේ නම් යම් සත්ව විශේෂයකින් මෙම වෛරසය මිනිසාට ඇති වූයේද? ප්‍රශ්නය ඇතිවන්නේ මෙතැනදීය. එනම් මේ තාක් දක්වා එලෙස සත්ව වෛරසයකින් මෙම වසංගතය ඇති වූයේ දැයිද සොයාගෙන නැත. එසේ නම් මෙම තත්ත්වය තුළ දැඩි රහසක් පැනනඟින බැව් අපට හොඳින්ම පෙනී යයි.

දැන් සිදුකර ඇතැයි කියන මෙම පුළුල් විමර්ශනය මගින් මෙම පැනයට විසඳුමක් තිබේද? එසේම දැනට සකස් කර ඇතැයි පැවසෙන පිටු 900කින් යුත් විශේෂ රහසිගත වාර්තාවෙහි මෙම තොරතුරු අඩංගු වෙනවාද? කෙසේ හෝ දැනට ප්‍රකාශිත කරුණු අනුව තවද මෙම සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමක් සිදුකර නොමැත. ඇමෙරිකාවේ තොරතුරු දැනගැනීමේ පනත හරහා මෙම ආන්දෝලනාත්මක වාර්තාව මුළුමනින්ම ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. එහෙත් මේ වන විට මෙම වාර්තාවට අදාළව විවිධ සුවිශේෂී කරුණු කිහිපයක්ම නිල නොවන වශයෙන් ප්‍රකාශ වී ඇත. අද ඔබට ලියා තබන මෙම ලිපියෙහි ආරම්භයෙහි සඳහන් කෙරුණු චීනයේ යූනාන් ප්‍රදේශයේ පිහිටා තිබෙන සුවිශාල වවුල් ගුහාවල කතාවද ඉන් ප්‍රධානතම තැනක් ගත් එකකි. චීනයෙන් පළමු කොරෝනා රෝගියා සොයාගනු ලැබුවේ 2019 නොවැම්බර් 17 වැනිදාය. ඒ අනුව මෙම 2021 වසරේ නොවැම්බර් 17 වැනිදාට කොරෝනා රෝගය ආරම්භ වී වසර 02ක් සපිරෙයි. එහෙත් මෙහිදී හෙළිවන පුදුමාකාර කරුණ නම් මෙම වසංගතයට අදාළව, එනම් වසංගතයට හේතු සාධක වූ කරුණු කිසිවක් මේ වනතෙක් සොයා නොගැනීමය. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ චීන රජයේ මර්ධන ක්‍රියාවලියයි.

මෙම කතාන්දරය ගලාගෙන යන විටදී හෙළිවන තවත් අපූරු වගතුගක් නම්, පසුගිය කාලය තුළ සිදුකරනා ලද ඇමෙරිකානු කොරෝනා වෛරස පර්යේෂණය සහ විමර්ශනය සඳහා ඇමෙරිකානු රජය විසින් ඩොලර් මිලියන 3.1ක මුදලක් (ඩොලර් ලක්‍ෂ 31ක්) ඉහත ‘එකෝහෙල්ත් එලායන්ස්’ ආයතනය වෙත ලබා දී ඇත. මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් නම් රුපියල් කෝටි 62කි. මෙම කතාවේ අපූරුම වගතුග හෙළිවන්නේ මෙතැන සිටය. එනම් මෙම වෙන් කරන ලද මුදලින් ඩොලර් 6,00,000ක (ලක්‍ෂ 06ක්) මුදලක් චීනයේ වූහාන්හි පිහිටි වූහාන් වෛරස පර්යේෂණාගාරය වෙත නිල නොවන ලෙස ලබා දීමය. මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි 12කි. මෙම ක්‍රියාව එක්තරා ආකාරයක වංචනික ක්‍රියාවලියක් වූ අතර, මෙය සිදුවූයේ ඉහත ඇමෙරිකානු ආයතනයේ සභාපති, ආචාර්ය පීටර් ඩසෑන්ගේ අනුදැනුව සහ නිර්දේශය මත බවට කරුණු හෙළිවිය. මෙම දූෂිත ක්‍රියාව ගැන බොහෝ පාර්ශ්ව පීටර් ඩසෑන් වෙත ප්‍රබලව දෝෂාරෝපණය කළ අතර, ඇමෙරිකානු ජනතාවගේ මුදල් මෙසේ රහසිගතව චීනයට ලබා දී ඇතැයි ප්‍රකාශ කළේය.

මෙහිදී හෙළිවන අනෙක් ආන්දෝලනාත්මක පුවත වන්නේ, 2016 වසරේදී ආචාර්ය පීටර් ඩැසෑග් චීනයේ වෛරස විශේෂඥයන් කිහිප දෙනෙකු සමග එකතු වී ඔවුන්ගේ රහසිගත වෛරස පර්යේෂණ කිහිපයක් සඳහා සහාය ලබා දීමය. දැනට ලොව ප්‍රකට වී සිටින ‘චීනයේ වවුල් ගැහැනිය’ වන ෂී ෂෙන්ග්ලි නැමැති වූහාන් පර්යේෂණාගාරයේ සිටින ප්‍රධාන වෛරසවේදිනිය සමග ඔහු මෙම සබඳතා පවත්වා ඇත. එම කාලයේදී ද ඔහු තවත් ඇමෙරිකානු පර්යේෂණ ආයතනයක් ජාතික අසාත්මිකතා සහ බෝ වෙන රෝග ආයතනය හරහා ලබාගත් ආධාර මුදල් චීනයේ වෛරසවේදීන් වෙත ලබා දී ඇත. එහිදී ඔහු අතිශය බියකරු වෛරස පර්යේෂණයක් සඳහා සහාය ලබා දුන්නේ යැයිද චෝදනා ලැබීය. එනම් එකල ලෝකයට බිහිවී තිබුණු ‘සාර්ස්’ වෛරසයට, කෘතීමව ‘ස්පයික් ප්‍රෝටීන’ අන්තර්ගත කර වෙනත් මාරාන්තික කොරෝනා වෛරසයක් සිදුකිරීමය. මෙම රහසිගත පර්යේෂණය නම් කර තිබුණේ, Inserting Spike Proteins into the SARS Virus to Create a Killer Coronavirus යනුවෙනි.
කෙසේ හෝ එකල ආචාර්ය පීටර් ඩැසෑග්ගේ සහාය මත චීන වෛරසවේදීන් විසින් මෙම පර්යේෂණය සාර්ථකව සිදුකළේ යැයි පැවසෙයි. කොරෝනා වෛරස වර්ග රැසක් ලොව තුළ ඇති අතර, මෙම වෛරස ජනනය වන්නේ වවුලන් විශේෂිත කිහිපයක් හරහාය. මේ අනුව ඉහතදී එලෙස නිර්මානය කරන ලද ‘මාරක කොරෝනා වෛරසය’ පසුකාලයකදී චීනයේ වූහාන් පර්යේෂණාගාරයෙන් ලෝකයට අනපේක්‍ෂිත ලෙස එළිදැක්වෙන්නට ඇතැයි පැවසෙයි. ආචාර්ය පීටර් ඩැසෑග් එකල චීන වෛරසවේදීන් සමග මදුවිත තොලගාමින් සතුටින් සිටින ආන්දෝලනාත්මක සේයාරූ ද අපට දැකිය හැකිය. මේ ආකාරයට පසුගිය කාලයක් පුරා මෙම බටහිර විශේෂඥයාට එරෙහෙිව නැඟුණු දැඩි දෝෂාරෝපණ හේතුවෙන්, පසුගියදා ඔහු ‘එක්සත් ජාතීන්ගේ ‘කොවිඩ්-19’ කොමිසමෙන්ද’ ඉවත් කෙරිණි. එහෙත් මොහු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘කොරෝනා ආරම්භය’ සෙවීම සඳහා, මෙම 2021 වසරේ ජනවාරි මාසයේදී චීනයට ගිය ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමද නියෝජනය කළේය. කෙසේ වෙතත් දැන් මෙම කීර්තිමත් විද්වතාගේ සැබෑ නිරුවත පෙනී හමාරය. කෙසේ හෝ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මොහුට නියම දඬුවමක් දුන්නේය. එනම් ඔහුගේ සංවිධානයට ලබාදෙන අරමුදල් සියල්ලම 2020 වසරේදී නවතා දැම්මේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

එකම පාර්ලිමේන්තු වාරයේ කැටගොඩ දෙවැනි පාරටත් දිවුරයි! (VIDEO)

Next Post

වැලිකඩ හිරකරුවන්ට ‘නෙගටිව්’ උත්තරයක්!

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.