විපක්ෂය 2020 පෙබරවාරි මාසයේදී එන්නත ගැන කතා කරන විට ආණ්ඩුව එන්නත පිළිබදව අවධානය යොමු නොකොට ජනතාවට පැණි පොවමින් ගංගාවලට මුට්ටි අතහරිමින් රටම විනාශයක් කරා රැගෙන ගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හැමදෙයකටම මුල පොහොට්ටු වයිරසය බවකි.
ආණ්ඩුව කොරෝනා වයිරසය පැමිණීමෙන් පසු අවශ්‍ය තීන්දු අවශ්‍ය වේලාවට නොගැනීම හේතුවෙන් මෙපමණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










