ඉදිරි මාස් කන්නය නිමා වෙද්දී රට ඇතුළේ සාගතයක් නියත වශයෙන්ම පැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම මාස් කන්නයෙන් පසු ගොවියන්ද පාරට බැසීම නියත බවය.
මෙසේ තිබියදී ආණ්ඩුව රට ඇතුළේ ඇති සියලු සම්පත් විකුණාගෙන කෑමේ වැඩපිළිවෙළකට යොමුව ඇති බවත්, ඊට එරෙහිව ඉදිරියේදී සියලු වෘත්තීය සමිති එක්කොට දැවැන්ත අරගලයකට යාමට සූදානම් බවත් ලාල්කාන්ත මහතා කීය.










