පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මංතීරුවක් සෑදීමට ආණ්ඩුව ගන්න උත්සාහයට එරෙහිව හිටපු ජනාධිපති, පොලොන්නරු දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දැක්වීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සීගිරිය ගල උඩ හෙලිකොප්ටර් අංගනයත් සාදා හෙලිකොප්ටර් බැස්සවිය හැකි වුවත් එසේ නොකරන බවකි.
ඒ වගේම පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ සියලු වැව් එකතු කොට බවය.
පරණ දෑ අලුත් කරනවා නම් අටමස්ථානය, සොලොස්මස්ථානය පවා නව තාක්ෂණයෙන් දියුණු කළ හැති වුවත් එසේ නොකරන්නේ ඒවායේ ඇති පෞරාණික වටිනාකම් නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.









