• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

රටම හොල්ලපු ලොහාන්ට වෙන්න යන දේ! ජිනීවාවලින් ආණ්ඩුව නොසිතූ ප්‍රහාරයක්! බුලත් කොළේ මීටිමෙන් විමල්ලාව හලයි! (රාජ්‍ය රහස්)

September 19, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 17 mins read
A A
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

-ඉතාලියේ හිටපු මහින්දට යකා නැගලා!

-බැසිල් මූල්‍ය අරමුදලට අත වනයි!

-සජිත් අනුරට උත්තර නොදෙන්න තීන්දු කළ හේතුව

– ජීඑස්පීත් නැතිවෙයිද?

ලොහාන්
රටම
හොල්ලයි

පසුගිය සතියේ ආණ්ඩුවත්, දේශපාලනයත්, රටත් එකවර දෙදරුම් කෑ සිදුවීම බවට පත්වූයේ වෙන කිසිවක් නොව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයටත්, අනුරාධපුර බන්ධනාගාරයටත් ඇතුළුවී යකා නටා ඇති බවට එල්ල වූ චෝදනාවය. මාධ්‍ය වාර්තා කොට තිබුණේ වැලිකඩ බන්ධනාගාරයට ලොහාන්, විවාහක රූ රැජිනක්ද සමගින් පැමිණ සිටි බවත්, ලොහාන් ඇතුළු මිතුරු කණ්ඩායම බීමත්ව සිටි බවත්, ඔවුන්ට එල්ලුම් ගහ බැලීමට අවශ්‍ය බව දැනුම්දී පිරිස කැටුව ලොහාන් බන්ධනාගාරය තුළට ගිය බවත්ය. ඒ, ඉකුත් 06 වැනිදා වූ සිදුවීමකි.

මෙම සිද්ධිය මාධ්‍ය මගින් පළමුවරට ඉකුත් අඟහරුවාදා වාර්තා කිරීමත් සමගම එදින අනුරාධපුර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන රෝහණ බණ්ඩාර සමාජ මාධ්‍ය ජාලවලට වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේ ඉකුත් 12 වැනිදා ලොහාන් අනුරාධපුර බන්ධනාගාරයටද ගොස් එහි සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දණගස්වා, හිසට පිස්තෝලයක් එල්ල කොට මරණීය තර්ජන කර ඇති බවට තොරතුරු ඇතැයි කියාය. මෙම වීඩියෝවද සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් සංසරණය වීමට පටන් ගැනීමත් සමග ආණ්ඩුවට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වෙමින් පැවැති පීඩනය වේගයෙන් ඉහළ යන ආකාරයක් දැකගන්නට ලැබිණි. සැවොම මේ කතාවේ ඇත්ත නැත්ත විමසද්දී පළමු වටයේදී අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් මෙන්ම බන්ධනාගාරය පැත්තෙන්ද කියැවුණේ ඒ කියන ආකාරයේ සිද්ධියක් සිදුව නැති බවකි.

ගජේන්ද්‍රන්
සාක්ෂි
එළියට දමයි

කෙසේ වෙතත් තත්ත්වය තවත් දරුණු අතට හැරෙන්නට පටන් ගත්තේ මේ පුවත තහවුරු කරමින් උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගජේන්ද්‍රන් පොන්නම්බලම් විසින් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. ගජේන්ද්‍රන් සිය නිවේදනය මගින් සඳහන් කොට තිබුණේ ලොහාන් අනුරාධපුරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට තර්ජනය කළ බවට සාක්ෂි තමන් සතුව ඇතැයි කියාය.

ඒ අනුව රට ඇතුළේ ලොහාන්ට සම්බන්ධ සිද්ධිය උණු උණුවේ පැතිර යද්දී එය ජාත්‍යන්තරීකරණය වූයේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය වන හැනා සිංගර් හැමිඩ් මහත්මිය විසින් එම තත්ත්වය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය.

හැනා ලොහාන්ව
ජාත්‍යන්තරයට
අරන් යයි

‘සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම හෙළාදකිනවා. සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක්. මැන්ඩෙලා නීතියට අනුව රජය සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි…’ යනුවෙන් සඳහන් කරමින් හැනා සිංගර් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමත් සමග සිද්ධියට ජාත්‍යන්තර අවධානය යොමුවූ අතර, ආණ්ඩුවටද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමට නොහැකි තැනට තත්ත්වය දරුණු වන ආකාරයක් දැකගත හැකි විය.

මහින්දට
යකා
නගී

කෙසේ වෙතත් මෙම සිදුවීම වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිටියේ සිය ඉතාලි සංචාරය අතරතුරය. සිද්ධිය වී මොහොතක් යෑමට මත්තෙන් එහි තොරතුරු ඉතාලියේ සිටි අගමැතිවරයාගේ කනටද වැටිණි. ඒ අනුව වහාම මහින්ද කළේ පළමුව ලොහාන්ට දුරකතන ඇමතුමක් ගැනීමය. ජීනීවාවල මානව හිමිකම් ප්‍රශ්නය මුල් කරගෙන ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වීමත් සමග මහින්ද සිටියේ දැඩි කෝපයට පත්වය. ඒ අනුව ලොහාන්ට කතා කළ මහින්ද සිද්ධිය පිළිබඳ කෝපයෙන් යුතුව අදහස් දක්වමින් වහාම තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන ලෙස දැනුම් දීමට වගබලා ගත්තේය.

මහින්ද
ගෝඨාට-බැසිල්ට
කතාකරයි

මෙසේ ලොහාන්ට කතා කිරීමෙන් අනතුරුව මහින්ද කතා කළේ බැසිල්ටත්, ජනාධිපතිවරයාටත්ය. දෙදෙනාටම කතා කළ මහින්ද කියා සිටියේ ලොහාන්ගේ ඉල්ලා අස්වීම භාරගන්නා ලෙසත්, තමන් දිවයිනට පැමිණි පසු ඒ පිළිබඳ කමිටුවක් පත් කොට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බවත්ය.
මේ සිදුවීම් වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේය. සිද්ධිය දැනගත් වහාම නිවේදනයක් නිකුත් කරමින් සජිත්ද කියා සිටියේ අමාත්‍යවරයා වහාම ධුරයෙන් පහකිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු යැයි කියාය.

‘අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමැතිවරයකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළාදකිමි. මෙම පිළිකුල්සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්ත්වය මනා සේ විදහා දක්වනු ලබයි. අපේ මාතෘ භූමියේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී හා නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය ශීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි. මෙම අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි…’ යන්න සජිත් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

සජිත්ගේ
නිවේදනයෙන් පසු
ලොහාන් කළ දේ

සජිත්ගේ මෙම නිවේදනය නිකුත් වී මොහොතක් යෑමට මත්තෙන් ලොහාන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් එහිදී දකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පමණක් ඉවත් වීමට ලොහාන් කටයුතු කර තිබීමය. ලොහාන් දැරූ අනෙක් රාජ්‍ය අමාත්‍ය ධුරය වන මැණික් හා ස්වර්ණාභරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමක් එහිදී සිදුව නොතිබිණි. නමුත් මහින්ද ඉතාලියේ සිට ලොහාන්ට දැනුම්දී තිබුණේ සියලුම අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට පියවර ගන්නා ලෙසටය.

කෙසේ වෙතත් ලොහාන් සිය ඉල්ලා අස්වීම යවා මොහොතක් ගතවීමට මත්තෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කෙරුණු නිවේදනයකින් කියැවුණේ අදාළ ඉල්ලා අස්වීම පිළිගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි කියාය.

ඒ අනුව දැන් ලොහාන් සිය තනතුරින් ඉල්ලා අස්වුණද, එම සිදුවීම හරහා මතුකොට ඇති අවශේෂ සිදුවීම්වල නිමාවක් නම් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සංවිධාන දැන් මෙම සිදුවීමත් සමග ආණ්ඩුවට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට බලපෑම් කරමින් සිටින්නේ ලොහාන්ව වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි කියාය. ඒ, ගිනි අවියක් පෙන්වා සිරකරුවන්ට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය මුල් කරගෙනය. එම නිසා ලොහාන් ඇමැතිකමෙන් ඉවත් කොට සිද්ධිය අවසන් කිරීමට ආණ්ඩුව සිතා සිටියා නම් ඊට ඉඩක් නොලැබෙනු ඇති බවක් මේ වන විට පෙළගැසෙමින් ඇති සිද්ධීන්වලින් දැකගන්නට තිබේ.

බුලත් කොළේට
විමල්ලාට
ආරාධනා නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදස් සන්ධානයට යළි පණ දීමට සූදානම් වන පුවත අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට පළමු වරට අනාවරණ කළේ මීට සති තුනකට ඉහතදීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප මධ්‍ය කාරකසභා රැස්වීමකදී මෙම තීන්දුව ගත් බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. එමෙන්ම පක්ෂ මහ ලේකම්වරයා ලෙස දයාසිරිටද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මහින්ද අමරවීරටද එජනිස විධායක කමිටු රැස්වීමක් සංවිධාන කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් භාරදුන් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.

ඒ අනුව එහි පළමු විධායක කමිටු රැස්වීමක් පසුගිය සතියේ සංවිධාන කෙරිණි. වසංගත තත්ත්වය හේතු කොටගෙන සූම් තාක්ෂණය ඔස්සේ සංවිධාන කර තිබූ මෙම රැස්වීම සඳහා එජනිසය නියෝජනය කළ සියලු පක්ෂවලට ආරාධනා කිරීමටද දයාසිරි සහ අමරවීර පියවර ගෙන තිබිණි. ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධනට, ඊ.පී.ඩී.පී. පක්ෂයේ ඩග්ලස් දේවානන්දාට, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්නට, දේශවිමුක්ති ජනතා පක්ෂයේ නියෝජිතයන්ට, ලංකා කම්කරු කොංග්‍රසයට ඒ සඳහා ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණට, පිවිතුරු හෙළ උරුමයට හා වාසුදේවගේ වාමාංශික පෙරමුණට ආරාධනා කිරීමට එජනිස ප්‍රධානීන් කටයුතු කොට නොතිබුණේ ඔවුන් එදා සිටම ඍජුව එජනිසය හා කටයුතු කොට නොතිබීම හේතුකොට ගෙනය. ඔවුන් විවිධ ගිවිසුම් හරහා වෙනම ආණ්ඩුවත් සමග කටයුතු කළ පිරිස් වීම හේතුකොට ගෙන ඔවුන්ට ආරාධනා කිරීමට පිරිස පියවර ගෙන නොතිබිණි.

දිනේෂ්
රැස්වීමට
ඇවිත්

කෙසේ වෙතත් සූම් සාකච්ඡාව පැවැති ඉකුත් බදාදා (15) දින ආරාධනා කළ ලැයිස්තුවෙන් සාකච්ඡාව සඳහා එක්ව සිටියේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධනත්, අසංක නවරත්නත්, කලංසූරියත් පමණි. ජීවන් තොණ්ඩමාන් හෝ ඩග්ලස් දේවානන්දා හෝ පොඩි අප්පුහාමි මහතාගේ පක්ෂය වූ දේශවිමුක්ති ජනතා පක්ෂයේ නියෝජිතයන් ඊට එක්ව නොසිටීම විශේෂ සිදුවීමක් විය.

මෙහිදී ආරම්භයේදීම සිදුවූයේ එජනිසය වෙනුවෙන් කැපවී කටයුතු කළ පුද්ගලයන් සිහිකිරීමය. ඒ අනුව කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරමුගම් තොණ්ඩමාන්, හිටපු අමාත්‍ය මංගල සමරවීර හා දේශවිමුක්ති ජනතා පක්ෂයේ පොඩි අප්පුහාමි මහතා සිහිපත් කර විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට පිරිස කටයුතු කළහ.

තිලංග
යෝජනාව
අරන් එයි

ඉන් අනතුරුව පිරිස සාකච්ඡා කළේ දැනට රට තුළ මතුව පවතින තත්ත්වය පිළිබඳවය. විශේෂයෙන්ම කොරෝනා වසංගතය හමුවේ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග, ආර්ථික අර්බුදය වැනි කරුණු පිළිබඳ එහිදී සියලු දෙනාම සිය අදහස් ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

මෙම සාකච්ඡාවෙන් පසු සියලු දෙනාම මාතෘකාවට ගෙන ආවේ ශ්‍රීලනිප උපසභාපතිවරයකු වශයෙන් කටයුතු කරන තිලංග සුමතිපාලය. තිලංග පිරිසට කියා සිටියේ යල් පැනගිය ප්‍රතිපත්ති මත හිඳ රාජ්‍ය පාලනය කිරීම සුදුසු නැති බවත්, ස්වදේශික, ජාත්‍යන්තරයට ගැති නොවූ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිර්මාණය කරගනිමින් ජනතා විශ්වාසය දිනාගත හැකි දේශපාලන සන්ධානය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රීය කළ යුතු බවත්ය.

තිලංග ඉදිරිපත් කළ යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෛත්‍රිපාල පිරිසට පෙන්වා දුන්නේ නව ප්‍රතිපත්ති මාලාවක් සමග එජනිස බුලත් කොළය යටතේ පණගන්වා නව මුහුණුවරකින් ගොඩනැගිය යුතු බවකි.

දිනේෂ්ගෙන්
ලිස්සා යන
උත්තරයක්

ඒ අනුව ඊට සියලු දෙනාගේ ඒකමතික අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ කාර්යයේදී දිනේෂ් හිටියේ තරමක් වෙනස් ස්ථාවරයකය. දිනේෂ් සියල්ලන්ටම කියා සිටියේ අද මෙම සාකච්ඡාවට එජනිසය නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් සහභාගි වී නොමැති බැවින් ඔවුන්ගේ අදහස්ද අතිශය වැදගත් වනු ඇතැයි කියාය. එම නිසා සියලු දෙනාම ඉදිරියේදී සම්බන්ධ කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගමන් මඟ තීරණය කළ යුතු බව දිනේෂ්ගේ ස්ථාවරය විය.
ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ එජනිසය නියෝජනය කළ සෙසු පක්ෂවල යෝජනාද ඉදිරි සති දෙක ඇතුළත ලබාගෙන නව මුහුණුවරකින් එජනිසය යළි කරළියට ගෙන ඒමටය. මෛත්‍රි මේ දිනවල ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරන ආකාරයද දැකගැනීමට පුළුවන.

අනුරගෙන්
සජිත්ට
ආ ප්‍රහාරය

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ රැඳී සිටියේ හම්බන්තොට සුබසාධන වැඩසටහන් කිහිපයකට සහභාගි වෙමිනි. එසේ සහභාගි වූ එක් වැඩසටහනකදී සජිත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් කියා සිටියේ ආණ්ඩුව මේ වන විට සියලු ක්ෂේත්‍රයන්ගෙන් අසාර්ථක වී ඇති බවත්, ඒ හේතුවෙන් වහාම මැතිවරණයක් පවත්වා රටේ ඉදිරි පැවැත්ම තීරණය කිරීම ජනතා අධිකරණය හමුවේ තැබිය යුතු බවත්ය. සජිත් පමණක් නොව විපක්ෂයේ බොහෝ දෙනකුද, ස්වාමින්වහන්සේලා කිහිප නමක්ද පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් කියා තිබුණේ දැන් මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතාව සිටින තැන ආණ්ඩුවට දැනගත හැකි යැයි කියාය.

කෙසේ වෙතත් සජිත් මෙම ප්‍රකාශය කළ සැණින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවුණු තැනකිනි. සාමාන්‍යයෙන් පසුගිය කාලයේදී සජිත් විවිධ ප්‍රකාශ නිකුත් කරද්දී ඊට ප්‍රහාර එල්ල වූයේ ආණ්ඩුව පාර්ශ්වයෙනි. නමුත් මෙවර සියලු දෙනාම පුදුමයට පත්කරමින් සජිත්ගේ ප්‍රකාශයට ප්‍රතිප්‍රහාර එල්ල වූයේ ආණ්ඩුවෙන් නොව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගෙනි. අනුර මෙහිදී මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ මේ අවස්ථාවේ මැතිවරණ පැවැත්විය යුතු බව කියන සජිත්ගේ ඔළුව පරීක්ෂා කරගත යුතු යැයි කියාය. අනුර ඉතා අවේගශීලීව සජිත්ට පෞද්ගලිකවම එහිදී ප්‍රහාර එල්ල කිරීම විශේෂ සිදුවීමක් විය.

අනුරට
ප්‍රතිප්‍රහාර
සූදානම්

අනුර මේ ආකාරයට සජිත්ට ප්‍රහාර එල්ල කිරීමත් සමග සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයද එක් රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් තීන්දු කළේ අනුර සිදුකළ මේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටය. එය වට කිහිපයකින්ම සිදුකිරීමට සජබ මාධ්‍ය ඒකකය සැලසුම් කළේය. ඒ අනුව ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත්, නිවේදන නිකුත් කිරීමටත්, විවිධ පාර්ශ්ව හරහා ඊට ප්‍රතිචාර දැක්වීමටත් තීන්දු විය.

මේ තත්ත්වය මොහොතක් යෑමට මත්තෙන් හම්බන්තොට සිටි සජිත්ටද දැනගන්නට ලැබිණි. සජිත්ට කතා කළ පුද්ගලයා කියා සිටියේ අනුරට පහරදීම සඳහා සියලු සැලසුම් සකස් කොට අවසන් බවත්, පළමු මාධ්‍ය හමුව එදින සවස පැවැත්වීමට සැලසුම් කොට ඇති බවත්ය.

සජිත්
කියපු
කතාව

ඒ අනුව වහාම සජිත් කළේ මාධ්‍ය ඒකකයට කතා කොට එම කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමය. කතාව ඇත්ත බව සජිත්ටද වැටහිණි. ඒ අනුව වහාම සජිත් කියා සිටියේ ඒ සියලු මාධ්‍ය හමු අවලංගු කරන ලෙසටය. අනුරට ප්‍රහාර එල්ල කළ යුතු නැති බවත්, තමන් කී කතාවේ ඇත්ත නැත්ත ජනතාව තේරුම් ගනු ඇති බවත් සජිත් කියා සිටියේය.

‘නෑ… අපි අනුරට ප්‍රහාර එල්ල කරන්න යන්න ඕනෙ නෑ. මම මැතිවරණයක් තියන්න කිව්වාම අනුර මට ප්‍රහාර එල්ල කරපු එක ඇත්ත. ඒක එයාගෙ පෞද්ගලික මතය. අපි ඒකට උත්තර දෙන්න යන්න ඕනෙ නෑ. මම කියපු කතාව ජනතාව තේරුම් ගනීවි. අපි ඒක ජනතාවට භාර කරමු…’ යනුවෙන් සජිත් කියද්දී එක් මන්ත්‍රීවරයෙක් කියා සිටියේ අනුර තවමත් රනිල් සමග සම්බන්ධකම් පවත්වමින් සමගි ජන බලවේගයට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරනවා යැයි කියාය.
ඊටද සජිත් දුන්නේ අපූරු පිළිතුරකි.

‘ඒවා අපට අදාළ නෑ. ඒ අයට ඒ අයගෙ දේශපාලනය කරන්න ඉඩ දෙමු. අපි අපේ දේශපාලනය ජනතාවත් එක්ක කරමු. අපට ඕනෙ ජනතාව තලා පෙළන මේ ආණ්ඩුව පන්නල දාලා ජනතාවට සහන දෙන ආණ්ඩුවක් හදන්නයි. අපි ඒ වෙනුවෙන් කැපවෙමු…’ යන්න සජිත් එහිදී මන්ත්‍රීවරුන්ට කියා සිටි කරුණ විය.

සූම් රැස්වීමේදී
සජබය
ගත් තීන්දු

මේ අතර පසුගිය බදාදා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමද සූම් තාක්ෂණය ඔස්සේ රැස්වී ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී වැඩි වශයෙන්ම අවධානය යොමු වූයේ බන්ධනාගාර ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළුවී යකා නටපු සිදුවීමත්, ජිනීවාවල මේ දිනවල පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ දිගහැරෙන කරුණු පිළිබදවත්ය.

ජිනීවා පිළිබඳ සාකච්ඡාවේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් පෙන්වා දුන්නේ මෙවර ඉදිරිපත් කර ඇති මානව හිමිකම් චෝදනා යුද සමය පදනම් කරගෙන නොව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යැයි කියාය. උදාහරණයක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි අයුරින් පරීක්ෂණ නොපැවැත්වීම, දුමින්ද සිල්වා නිදහස් කිරීම, මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම, සිරකරුවන්ට හිරිහැර කිරීම, වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු චෝදනා ලැබූ කිහිප දෙනකු නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය නොකිරීම, නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු කිහිප දෙනකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නොපවරා දිගු කාලයක් රඳවා තබාගෙන සිටීම ආදී චෝදනා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පැමිණි ඒවා බවද මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. එම නිසා ආණ්ඩුව රට ජිනීවා උගුලේ හිරකොට ඇති බව රටට පෙන්වා දිය යුතු බවද මෙහිදී මන්ත්‍රීවරු යෝජනා කර සිටියහ.

ලොහාන්ට
ලෙඩේ
වැටෙයි

මීට අමතරව ලොහාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර දීර්ඝව අදහස් හුවමාරු විය. එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙහිදී අමාත්‍යවරයා පවතින නීති උල්ලංඝනය කොට ඇති බවත්, අනිසි අයුරින් බලය උපයෝගි කොට ගෙන ඇති බවත්ය. මේ තත්ත්වයද රටට පෙන්වා දිය යුතු බවද එහිදී යෝජනා විය.
ඒ අනුව එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු පාර්ලිමේන්තුව ඇතුළේදීත්, ඉන් පිටතදීත් ජිනීවා ප්‍රශ්නය සහ ලොහාන්ගේ ප්‍රශ්නය පිළිබඳ රටම දැනුවත් කිරීමට සමගි ජන බලවේගය එම රැස්වීමේදී තීන්දු කළහ.

කබ්රාල්ට
කැබිනට්
බලය නෑ

අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් යළි මහ බැංකු අධිපති ධුරය භාරගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ පමණක් නොව ආණ්ඩුව ඇතුළේම හවුල්කාර පක්ෂ සිටියේ දැඩි විරෝධයකය. විශේෂයෙන් දේශපාලකයකු මහ බැංකු අධිපති ධුරයට පත්කොට එම තනතුර දේශපාලනීකරණයට ලක්කිරීමත්, නීතියට පිටින් ගොස් එවැන්නක් කිරීමත් සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විරෝධයක් පළ කොට තිබිණි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවේ මහ ලේකම්වරයා වූ නීතිඥ සාගර කාරියවසම් මහතා පසුගිය සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේම කියා සිටියේ කබ්රාල්ට මහ බැංකු අධිපති ධුරයේදී කැබිනට් බලතල ලබාදිය නොහැකි යැයි කියාය. එවැන්නක් නීත්‍යනුකූල නොවන බවත්, කැබිනට් බලතල ලබාදිය හැක්කේ විධායකයට පමණක් බවත් එහිදී සාගර මතුකළ තර්කය විය.

කෙසේ වෙතත් තනතුර භාරගන්නා දිනයේදී පවා කබ්රාල් සිය හිතවතුන්ට කියා තිබුණේ තමන්ට කැබිනට් වරප්‍රසාද අවශ්‍ය බවත්, පවතින තත්ත්වය හමුවේ එවැනි බලතල ඇත්නම් රාජකාරි කිරීමට පහසු බවත්ය. නමුත් මේ වනතෙක් කබ්රාල්ට කැබිනට් බලතල හිමි නොවීම විශේෂ සිදුවීමකි.

බැසිල්
මූල්‍ය අරමුදල
පැත්තට

ඒ සියල්ල අතරතුර කබ්රාල් තනතුර භාරගැනීමට පෙරත්, ඊට පසුත් කියා සිටි ප්‍රසිද්ධම කාරණාව වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට තමන් කටයුතු නොකරන බවකි. වත්මන් අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනවශ්‍ය බවද කබ්රාල් අවස්ථා කිහිපයකදීම කියා තිබිණි. නමුත් මහ බැංකු අධිපතිවරයා එසේ කීවද මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ආරංචිය. බැසිල්ගේ ස්ථාවරය වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කොට මුල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහා පියවර ගත යුතු යැයි කියාය. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මත දෙකක හිඳිමින් කටයුතු කිරීම නිසා ඉදිරියේදී කුමක් සිදුවේදැයි නිශ්චිතව සඳහන් කළ නොහැකිය.

අනෙක් අතට හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයකු මෙන්ම ජනාධිපති ලේකම්වරයාද වන ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද පසුගිය සතියේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වත්මන් මහ බැංකු ප්‍රතිපත්ති දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය. එහිදී පී.බී. කියා සිටියේ දැන් කළ යුත්තේ ආනයන සීමා දැඩි කිරීම නොව, ආනයන සීමා ලිහිල් කිරීම යැයි කියාය. එමෙන්ම ඉන්ධන ආනයනය සීමා කළ යුතු බවද පී.බී. තවදුරටත් සඳහන් කර සිටියේය. මහ බැංකුව රටේ ආර්ථික දිශානතිය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැතිව එදිනෙදා වැඩකටයුතු පමණක් කිරීමට මහ බැංකුවක් වැඩක් නැති බවත් පී.බී. තවදුරටත් කියා සිටියේය.

නොසිතූ
ජිනීවා
ප්‍රහාරය

පසුගිය සතියේ ලංකාවට ජිනීවාවලින් එල්ල වූයේ කිසිවකුත් නොසිතූ විරූ ආකාරයේ ප්‍රහාරයකි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් මෙවර ප්‍රහාරයක් එල්ල වනු ඇති බව සිතා සිටියත් ආණ්ඩුවේ කල්පනාව වී තිබුණේ ඉකුත් යුද සමයේ සිදුවූවා යැයි කියන සිදුවීම් පදනම් කරගනිමින් මෙවරද අදහස් දැක්වීමක් සිදුවනු ඇතැයි කියාය. නමුත් එම සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරැදි එකක් බව සනාථ කරමින් මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ විසින් මෙවර ඉදිරිපත් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගෙවුණු වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම්ය.

කෙසේ වෙතත් මහ කොමසාරිස්වරිය විසින් සැසිය ආරම්භක දිනයේදීම සිදුකළ මෙම කතාවෙන් පසු ඊට පසුදිනම විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉතාලියේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සැසිවාරය සමග සම්බන්ධ වෙමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.

හතරවටෙන්ම
ලංකාවට
ප්‍රහාර

මේ ආකාරයට ලංකා ආණ්ඩුව විසින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගැනීමත් සමග කොමිසමේ අනෙක් රටවල් ලංකාවට එරෙහිව සිය ස්ථාවරයන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්හ. විශේෂයෙන් යුරෝපා කොමිසම එහිදී කියා සිටියේ එක්සත් ජාතින්ගේ රාමුව යටතේ ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන් කනගාටු වනවා යැයි කියාය.

මීට අමතරව ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට යෝජනාව ඉදිරිපත් කළ මධ්‍ය කණ්ඩායම නියෝජනය කළ රටවල් වූ කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය අනතුරු අඟවමින් කියා සිටියේ ලංකා ආණ්ඩුව පොරොන්දු ඉටු කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සහ වගවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරනවා යැයි කියාය.

එමෙන්ම සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆැබියන් සැල්වියෝලි මානව හිමිකම් කොමිසමට පෙන්වා දුන්නේ ගෙවුණු මාස 18ක කාලය තුළ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය දැඩි ලෙස පිරිහී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අඳුරු චිත්‍රයක් මතුව ඇති බවත්ය.

යුරෝපයේ
කණ්ඩායමක්
ලංකාවට

කෙසේ වෙතත් මේ ආකාරයට ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ලංකාව පිළිබඳ සාකච්ඡා වෙද්දී යුරෝපා කොමිසමද ලංකාව සම්බන්ධයෙන් පසුගිය සතියේ තවත් තීන්දුවක් ගත්තේය. ඒ, ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලංකාවට ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එවීමටය. මෙම පිරිස ලබන 27 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත අතර, ඔක්තෝබර් 04 වැනිදා දක්වා ලංකාවේ රැඳී සිටීමට නියමිතය. මෙම කාලයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා කිරීමටද මෙම පිරිස සැලසුම් කොට ඇත. ඒ අනුව ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලංකාවට ලබාදෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දු වන්නේ මෙම පිරිස ලබාදෙන වාර්තාව මතය.

රවිනාථ
යන්න
තීන්දු කරයි

මේ සියල්ල අතරවාරයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන රවිනාථ ආරියසිංහ මහතා හිටි හැටියේම සිය විශ්‍රාම යෑම පසුගිය සතියේ නිවේදනය කළේය. ඒ, ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන මාස 09ක් පමණක් එම තනතුරේ කටයුතු කිරීමෙන් අනතුරුව වීම විශේෂ සිදුවීමකි.

කෙසේ වෙතත් ආණ්ඩුව කලින් රවිනාථට දැනුම්දී තිබුණේ කෙසේ හෝ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හා වගවීම සම්බන්ධ කරුණු කාරණා පිළිබඳ ඇමෙරිකානු රජය දැනුවත් කරන ලෙසටය. නමුත් රවිනාථට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් පසුගිය කාලසීමාව පුරා ලැබී තිබුණේ නැත. ඒ අනුව පසුගිය සතියේ රවිනාථ ඇමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මුණගැසී ලංකාවේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට පියවර ගත්තේය.
එපමණක් නොව ආණ්ඩුව මේ වන වට සැලසුම් කර ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සියලු තානාපති අංශ දැනුවත් කෙරෙන දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කිරීමටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සෞඛ්‍ය දන්නෙත් නැති සුරාබදු දන්නෙත් නැති බාර් ඇරියෙ ආණ්ඩුව බව ඇමැති පිළිගනී! (VIDEO)

Next Post

රහස් පොලිසිය ලොහාන්ගෙන් කට උත්තර ගනී!

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.