ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාර ගැනීම සදහා සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බැවින් මහේල එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට රවී ශාස්ත්‍රී මහතා කටයුතු කරන නමුත්, ඔහුගේ සේවා කාලය එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පත් කිරීම සම්බන්ධයෙන් ද එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ නමුත්, මහේල එය ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේනම් එම පුද්ගලයාට ක්‍රිකට් සම්බන්ධ වෙනත් කිසිදු ධූරයකට කටයුතු කළ නොහැක.










