රට විවෘත කිරීමත් සමඟ තවත් උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කළහොත් ඊළඟ 5 වැනි කොවිඩ් රැල්ල වළක්වා ගැනීමට කිසිසේත් නොහැකි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ලබන සතියේ රට විවෘත කළ පසු ජනතාව ද ආණ්ඩුව ද සෙසු පාර්ශ්ව ද දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
රට විවෘත වන්නේ ඉතාම අවදානම් පසුබිමක බව අවබෝධ කරගෙන පෙරට වඩා දැඩිව නිරෝධායන නීති රකිමින් ජනතාව කටයුතු කළ බව එම සංගමය වැඩි දුරටත් පැවසුවේය.
මේ වන විටත් රට විවෘත කළ පසු උද්ඝෝෂණ දියත් කිරීමට පිරිසක් සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද වෛද්‍ය නලින්ද හේරත් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.










