අම්පාර, තිස්සපුර රජවැව ද මේ වනවිට පවතින්නේ අවදානමකය.
රජවැව පාමුල මිරිදිය මත්ස්‍ය තාටාක ඉදිකොට වන සම්පත් රාජ්‍ය ඇමතිවරයාගේ මූලිකත්වයෙන් මසුන් මුදා හැර මිරිදිය මත්ස්‍ය ටැංකිවලට ජලය මුදා හැර තිබුණේ කෙත් ඇළ හරහායි.
එම ඇළේ දොරටු වසන්නට ඊයේ (15) උදෑසන පැමිණියේ එම කාර්ය භාර පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයෙකි.
මේ වගකීම වෙනත් අයෙකුට පැවරීම සම්බන්ධයෙන් ගොවීන් විරෝධය පළ කළහ.
පසුව එම ස්ථානයට අම්පාර පොලීසිය ද පැමිණියේ ය.
අම්පාර පොලීසියේ මැදිහත් වීමෙන් තත්ත්වය සමතයකට පත් වූ අතර සියලු පාර්ශව පොලීසියට කැඳවා අවවාද කිරීමක් ද එහිදී සිදු විය.
පසුව රජවැවෙහි ගැටලුව නිරීක්ෂණය කිරීම සඳහා අම්පාර අතිරේක දිසාපති, අම්පාර සහකාර ප්‍රාදේශීය ලේකම් සහ තිස්සපුර ග්‍රාම නිලධාරීතුමිය ද පැමිණියා ය.
අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම්, වී. ජෙගදේශන් මහතා,
කවුද මේ කරන්නේ ?
ගොවීන්,
අපේ කුපනිස නෝනා සම්බන්ධයි සිසිර කියලා කරන්ගාවේ කුපනිස කෙනෙක් ඉන්නවා එයා සම්බන්ධයි. අනිත් එකට සම්බන්ධ වෙලා ඉන්නේ පිට ඉන්න මුදලාලිලා. විශේෂ දෙයක් ඉල්ලන්නෑ සර් අපිට සාදාරණේ ඉෂ්ට වුණොත් ඇති සර්
පෙරේදා (14) දින ගොවීන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා කළ ප්‍රකාශයකට ද මෙහිදී ගොවීන් ප්‍රතිචාර දැක්විය.
“මොකටද ඔය ඇමතිකම්වල ඉන්නේ, කරන්න බැරිනම් එයාට යන්න කියන්න සර්. ගොවීන්ගේ ප්‍රශ්නයක් විසඳන්න බැරිනම්, කරන්න බැරිනම් ඔයාගේ ඔය තනතුරින් ඉල්ලා අස්වෙන්න, හොඳ පපුවක් තියෙන හොඳ පුද්ගලයෙකුට ඔය තනතුර දෙන්න කියලා අපි ආයාචනා කරනවා විමලවීර මහත්තයාගෙන්”










