හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.
පසුගිය වසරේ (2020) ජුනි මස අවසානය වන විට සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව මෙටි්‍රක්ටොන් 420,421 ක් වූ බවත් එය වර්තමානය වන විට මෙටි්‍රක්ටොන් 1,206,425 දක්වා කැපී පෙණෙන ලෙස ඉහළට ගෙන ඒමට හැකියාව ලැබී ඇතැයි තිස්ස වික්‍රමසිංහ මහතා කීය.
මෙම වසරේ (2021) හම්බන්තොට වරාය සම්මත අඩි 20 බහාලුම් මිලියන 66.57 සංඛ්‍යාවක් හසුරුවා ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.3 ඉහළ යෑමක් බව කී තිස්ස වික්‍රමසිංහ මහතා හසුරුවා ඇති තොග භාණ්ඩ ප්‍රමාණය මෙටි්‍රටොන් මිලියන 284 ක් යැයි ද සඳහන් කළේය.









