ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු කබ්රාල් මහතා ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීමේ ලිපිය භාර ගත් අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිට ඇත.
ප්‍රවීණ වරලත් ගණකාධිවරයකු වන කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 9කට ආසන්න කාලයක් බහ බැංකු අධිපති ධුරය ද හොබවා තිබේ.
තනතුර භාර ගැනීම සඳහා පසුගිය දා කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව සඳහා නම් කෙරුණේ ජයන්ත කැටගොඩ මහතායි.









