• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ වරායේ අක්කර 13ක් චීනයට දීම වහා නවතනු! වරාය-තෙල්-විදුලිය ඒකාබද්ධ වර්ජනයකට සැරසෙයි! (VIDEO)

September 15, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම අනුමතයි
Share on WhatsAppShare on Facebook
 කොළඹ වරායේ අක්කර 13 ක ඉඩම දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය නමින් හවුල් ආයෝජන ව්‍යපෘතියක් සඳහා චීන සමාගමකට පැවරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කරන ලෙසත් රටේ සම්පත් විකිණීම වහා නතර කරන ලෙසත් ජාතික සම්පත් විකිණීමට එරහි විදුලි බල, ඛණිජ තෙල් හා වරාය වෘත්තීය සමිති අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේ ය.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසන්නේ, මෙය පරාජය කිරීම වෙනුවෙන් ඇති අවසන් ක්‍රියාමාර්ගය වර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසීම බවයි.

”තත්ත්වය ඉතාමත් දරුණුයි. හය වැනිදා කැබිනට් මණ්ඩලයේදි ගරු ජනාධිපති තුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පවා කල් තියා දැනුම් නොදී. ලේකම් වරයාගෙන් ඒ මොහොතේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා, කැබිනට් ඇමතවරු ඒ කැබිනට් සාකච්ඡාවේ පඹයෝ බවට පත් කරලා. කලින් නොදන්වා පහුවදා උදේ බලනකොට කැබිනට් එක අනුමත කලායි කියලා කැබිනට් පත්‍රිකා දැන් අනුමත කරමින් යනවා. විදුලි උත්පාදනය කිරීම සඳහා ප්‍රධාන ප්‍රභවය බවට පත්වෙන්නේ එල්.එන්.ජී ගෑස්.. ඒ ඒකාධීකාරය ඇමරිකන් ෆේාට්රස් සමාගමට ලබාදීලා. අනෙක් පැත්තෙන් කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට විකුණලා. බල ශක්ති ක්ෂේත්‍රයේ මර්මස්ථානයක් විදියට අද විදුලි බල ක්ෂේත්‍රය අද ඇමරිකාව තමන් සතුකරගෙන තියෙනවා. ආණ්ඩුවේ පිහිටෙන්, ආණ්ඩුවේ කැමැත්තෙන්. මෙය පරාජය කිරීම වෙනුවෙන් අපට තියෙන්නේ අවසන්ම ක්‍රියාමාර්ගය.වර්ජන ක්‍රියාමාර්ගයක්. කෙරවලපිටියට මුට්ටිය දානවා. ඉතුරු බලාගාර ටිකටයි විදුලි බල ක්ෂේත්‍රයටයි හොඳම කෙලවිල්ල කෙලවන්න. ඉඩම් අක්කර 13ට මුට්ටිය දාලා බලනවා, වරාය සේවකයෝ ගන්න ක්‍රියාමාර්ග බලන්න”

ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ පවසන්නේ, වරාය අධිකාරිය කිසි දිනක මහා භාණ්ඩාගාරයට බරක් නොවුණ බවත් එය දෙකට නවා කවුරුන් හෝ ඉනේ ගහගන්න හදනවා නම්, ඊට එරෙහිවීමට වරාය වෘත්තීය සමිති පමණක් නොව විදුලිබල වෘත්තීය සමිති, ඛනිජ තෙල් වෘත්තීය සමිති තුනම අවදියෙන් සිටිනා බවයි.

”මහ බැංකුව හොරකම් කරපු කෙනෙක් ගෙනල්ලා මේ රට ගොඩගන්න යන්නේ මේ වගේ රත්තරන් බිම් කොටස් විකුණලාය කියලා මේ කට්ටිය හිතනවා නම් පොඩි මුලාවක්. අපි ආණ්ඩුවට කියනවා නැවතත්”

වසර 5කට බලයට පත්වන දේශපාලනඥයින්ට උප නූපන් පරම්පරාවන්ට හිමිවිය යුතු ජාතික සම්පත් පෞද්ගලික අංශයට පැවරීමේ බලයක් නැතැයි, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අවධාරණය කර සිටී.

එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසන්නේ, කැබිනට් පත්‍රිකාව වහාම හකුලා නොගතහොත් හෙට දවසේ වරාය සේවකයින් පමණක් නොව විදුලි බල, තෙල් සංස්ථා සේවකයින් ද වරායේ ගේට්ටු අසලට රැස්වනු ඇති බවයි.

”අපි ආණ්ඩුවට කියනවා, රෝහිත අභයගුණවර්ධන අමාත්‍යවරයාට කියනවා, ඔබ බලයට පත් වෙන්නේ අවුරුදු පහකට. ඔබට අයිතියක් නැහැ උප නූපන් පරම්පරාවන්ට හිමිවිය යුතු මේ ජාතික සම්පත් පෞද්ගලික අංශයට පවරන්න . එක පැත්තකින් රටට ඩොලර් නැහැයි කියනවා අනෙක් පැත්තෙන් ඩොලර් එන පාර වහනවා. අපි සටන දියත් කරනවා මහත්වරුනේ, ඔබ මේ ගත්ත කැබිනට් පත්‍රිකාව වහාම හකුලා ගත්තේ නැති උනොත් එහෙම හෙට දවසේ වරාය පාරට බස්සනවා. වරාය සේවකයෝ පාරට බස්සනවා. වරාය සේවකයෝ විතරක් නෙමෙයි වරායේ ගේට්ටු ගාවට එන්නේ විදුලි බල සේවකයෝ එදාට වරායේ ගේට්ටුව ගාවට එනවා. තෙල් සංස්ථාවේ සේවකයෝ වරාය දොරටුව ගාවට එනවා. ඔබ කොවිඩ් වසංගතය වසන්තයක් කරගෙන මේ රටේ දේපළ විකුණද්දි අපි සූදානම් අපි මේ කොවිඩ් අස්සෙ තවදුරටත් යටවෙලා ඉන්න සූදානම් නැහැ. මේ කොවිඩ් අනතුර දරාගෙන අපි ජීවිත පසෙකින් තියලා මේ රටේ සම්පත් ටික රැකගැනීම සදහා අපි පෙරමුණ ගන්න මැදිහත් වෙන්න සූදානම් කියන පණිවිඩය අපි දෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා සූදානම් වෙන්න ඔබ.. මේ අපහසුතා ඔබ මේ ආයතන හරහා වෙන වැඩ වර්ජන තුළ, ඔබට අපහසුතාවයක් වෙනවා නම් එහි වගකීම මේ ආණ්ඩුව භාර ගත යුතුමයි. අපි වෘත්තිය සමිති විදියට ඒ වගකීම භාර ගන්නෙ නැහැ. අපි ආණ්ඩුවට කියනවා අපිව පාරට ගෙන්න ගන්න එපා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ කැබිනට් පත්‍රිකාව හකුලා ගන්න කියලා”

මේ අතර වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, පර්යන්ත 5 කින් සහ අනාගතයේදී තව පර්යන්ත 3 කින් ගොඩනැගෙන ආසියාවේ ප්‍රබලම වරාය බවට පත්වෙන තැන මෙය බවයි.

”දැකලා නැතුව මන් දැක්කා කියනවා ලක්ෂ 8 ට පර්චස් එකක් දෙන්න යනවා කියලා. ලක්ෂ 8 ට දෙනවානම් සිමියුන් අයියාට එන්න කියලා මෙහේ විකුණනවානේ. ලංකාවේ ඉන්න සිමියොන් අයියාට හරි මාටින් අයියට හරි එන්න කියලා ලක්ෂ 8 යි කිව්වාම ඕන කෙනෙක් ගන්නවා. අමූලික බොරු. ජනතා විමුක්ති පෙරමුණ තරම් නහය උල් කරලා දිව අඹරලා කණ මිරිකලා ඕන තරම් බොරු කියන්න පුළුවන් ජාතියක් ඉන්නවා නම් ඒක තමයි ඒ ජාතිය. විදේශ ආයෝජන අපි ලංකාවට ආකර්ශනය කරගන්නවා. පර්යන්ත 5 කින් සහ අනාගතයේදී තව පර්යන්ත 3 කින් ගොඩනැගෙන ආසියාවේ ප්‍රභලම වරාය බවට පත්වෙන තැන. ඒකට අවශ්‍ය කරන ඒ සේවා මධ්‍යස්ථානය ජස්ටික් හබ් එකක් අපිට අත්‍යඅවශ්‍යයි. ඒ අවශ්‍යතාවය අපි පෞද්ගලික හා රජයේ හවුල් සහ අවුරුදු 35 කින් නැවත අපිට සීයයට සීයයම අපේ අයිතියට පැවරෙන සේවා මධ්‍යස්ථානයක් ගොඩ නැගෙනවා.”

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර පවසන්නේ, මේ අක්කර 13 තුට්ටු දෙකට දීමට සූදානම් වන බවයි

”මේ අක්කර 13 දෙන්නේ තුට්ටු දෙකට. එතකොට මූලික ගෙවීම සත බින්දුවයි මේකෙ බද්ද විදිහට ගන්නෙ ලක්ෂ අටහාමාරයි මම හිතන්නේ අක්කර 13 දහතුනක් ලක්ෂ අටහමාරට කොළඹ වරායෙන් නෙවෙයි, බින්තැන්නේ එහෙම නැත්නම්  මහියංගනය පැත්තෙන් වත් ගන්න බැහැ. මේ ආණ්ඩුව කරන්නේ අපි නෙවෙයි ජිංපිං මහත්තයා ඒක නිසා ජිංපිං මහත්තයාගේ යුවෑන් ගත්ත මේ ආණ්ඩුවේ නියෝජිතවරු, මේ ජිංපිං මහත්තයාගේ යූ ඇන්වලට යට වෙලා ජිංපිං මහත්තයා කියන කියන දේවල් කරනවා. ඒකෙ මේ එකක් විතරයි මෙහෙ කොළඹ වරායේ වටිනා අක්කර 13 ක බිම් කඩ සී.අයි.සී.ටී සමාගමට දෙන්නෙ කියන එක බොහොම පැහැදිලිවම කියනවා ”

SendShareShare
Previous Post

රට තවමත් අවදානමේ! තව රැල්ලක් නොඑන්න රජය වග බලා ගත යුතුයි! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි! (VIDEO)

Next Post

බීලා පිස්තෝල අරන් වැලිකඩ-අනුරපුර හිරේ ඇතුළට ගිය රාජ්‍ය ඇමැතිවරයා ලොහාන්!

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.