මහබැංකු අධිපති ධූරයට වඩාත් සුදුසු වන්නේ ලෝකය පිළිගත් ආර්ථික විශේෂඥයෙක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා සමසමාජ පක්ෂය අවධාරණය කරයි.
එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දෙන්නේ හිටපු මහබැංකු අධිපතිවරුන් වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් යන මහත්වරුන් එසේ ලොව පිළිගත් ආර්ථික විශේෂඥයන් බවකි.
එම නිසා තමන්ගේ අදහස වන්නේද මේ මොහොතේ එවැනි ආර්ථික විශේෂඥයකුගේ සේවය මහබැංකුවට අවශ්‍ය බවකි.










