ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතු බව ගෑස් සමාගම් රජයට සදහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මාධ්‍ය වෙත පවසා ඇත.










