බෙන්තොට පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු රථවාහන අංශය තුළදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බලපිටිය පාතෙගම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි උපපොලිස් පරික්ෂකු මෙසේ මියගොස් ඇත.
රාත්‍රි ජංගම මුර සංචාරයට ගොස් ආපසු පොලිස් ස්ථානයට පැමිණ ඒහි මේසයට හිස තබාගෙන නිදා සිට ඇති අතර බොහෝ වේලාවක් එසේ නිසොල්මන්ව සිටිම නිසා සොයා බැලීමේදී ඔහු මියගොස් සිටි බව එහි උසස් නිලධාරයෙක් පැවැසීය.










