වෙළෙදපොළේ මේ දිනවල පවතින කිරිපිටි හිගයත් සමග හැටන් පරණ ඉදිරිපොළ භුමියේ පිහිටි සතොස ශාඛාව වෙත ඊයේ (12) දින කිරිපිටි මිල දි ගැනිම සදහා පාරිභෝගිකයන් විශාල පිරිසක් දිගුපෝලිම්වල රැදි සිටින අයුරු කැමරාවේ සටහන් වී තිබුණේ මෙසේය.
හැටන් සතොස ශාඛාව වෙත ලද ඉතා සිමිත කිරිපිටි පැකට් ප්‍රමාණය පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස බෙදා දිමට පියවර ගත් බව සතොස ශාඛාවේ කළමනාකාරවරයා කියා සිටියේය.
මේ අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි සතොස ශාඛාවේ සේවිකාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (12) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු නිසා සතොස ශාඛාව දින 14 ක් වසා දැමිමටත්, එම ශාඛාවේ සේවය කළ සේවකයින් 09 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවත් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.










