ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් සිව් දෙනකු යළිත් ශ්රීලනිපය සමග එක්වීමේ සූදානමින් සිටින බව වාර්තා වේ.
එස්.බී. දිසානායක, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි මෙම මන්ත්රීවරුන් සිව්දෙනා වේ.
මේ සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් ජනාධිපතිවරයා සමග සාකච්ජා කර ඇති බව දැනගන්නට ඇත.
යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් පිහිටුවන ආණ්ඩුවේ ඉහළ තනතුරු මෙම මන්ත්රීවරුන් සිව්දෙනා හට නොලැබෙන බවට තොරතුරු වාර්තා වී තිබීම මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට ඇත.










