මහබැංකුවේ මූූල්‍ය මණ්ඩලය මගින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු කිරීමත් සමග වසර 8ක කාලයක් වෙනුවෙන් හිග විශ්‍රාම වැටුප ඒ මහතාට ලබා දීමට තීන්දු වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම ධුරයෙන් ඉවත්ව යන වත්මන් මහබැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාටද ජීවිත කාලය ප්‍රරාවටම විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු වී ඇත.
ඒ මහතා මහබැංකු අධිපති ධූරයේ සිටියේ වසර 2ක කාලයක් පමණි.
කබ්රාල් මහතා විසින් කර තිබූ ඉල්ලීමකට අනුව මෙසේ විශ්‍රාම වැටුප් ලබා දීමට නීයමිතව ඇත.










