නොරොච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරයේ පවතින ගිනි නිවන පහසුකම් ප්‍රමාණවත් නොමැති බැවින් වහාම එම පහසුකම් වැඩි කරන ලෙස දැනුම් දෙමින් එහි ප්‍රධාන ගිනි නිවීම් නිලධාරියා විසින් ලිපියක් යොමු කොට ඇත.
විදුලි බලාගාරය පුළුල් කිරීමට ප්‍රථම මෙම ගිනි නිවීම් උපකරණ ප්‍රමාණවත් වුවද බලාගාරය පුළුල් කිරීමෙන් පසු එම උපකරණ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අදාළ ලිපියෙන් දැනුම් දීමට එම නිලධාරියා පියවර ගෙන තිබේ.
දනට පවතින්නේ ලීටර් 2000ක ධාරිතාවක් ඇති රථයක් බවත්, එමනිසා වහාම තවත් ගිනි නිවීමේ රථයක් මෙම ස්ථානයට ලබා දෙන ලෙසත් අදාළ ලිපියෙන් බලධාරීන් වෙත දැනුුුම් දීමටද හෙතෙම පියවර ගෙන තිබේ.
ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ යම් හෙයකින් අදාළ ස්ථානයේ ගින්නක් පැන නැගුණහොත් මෙම තත්ත්වය යටතේ බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බවකි.











