ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගෙන ගිය බව කියන විදේශ ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ 310ක් සමග හත් දෙනකු අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.










