තවත් වෛද්‍යවරයෙක් කොරෝනා ආසාදිතව මිය ගොස් ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතාය.
දරුවන්ගේ දෙදෙනෙකුගේ පියෙකු වු ජයසුරිය මහතා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කලක් මිගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කොට පසුව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණ තිබේ.
කොරෝනා වයිරසය ආසාදිතවිමේන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.










