කොරෝනා හරහා සිදුවන විවිධ මාෆියාවන් වසාගැනීම සදහා ඇතැම් මාධ්‍ය රටට සීනි ජවනිකා පෙන්වීමට පටන් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මාධ්‍ය සීනි හැංගූ තැන් පෙන්වා දීම අනවශ්‍ය බවත්, ආණ්ඩුවට අවශ්‍ය නම් එම සීනි ගෙන්වු සමාගම් සහ ගෙන්වූ සීනි ප්‍රමාණයන් සියල්ල සොයා ගත හැකි බවත්ය.
මේ හරහා රටේ අනෙකුත් ප්‍රශ්න යට ගැසීමට ඇතැමුන් ක්‍රියාකරන්නේද යන්න සම්බන්ධයෙන් සැක මතුවන බවද මන්ත්‍රීවරයා කීය.










